ශැගි එක්ක fm 😌:|🌼..
1.01K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
අදුරු මැදියක
                 කැලඹුන හැගුම් අතැතිව ...
ඉරී ගිය කොල
                කැබලි එකතු කර ....
සදේ මානෙන් බැලුවේ
                 කුමක් යන වග ....
අයිතියක් නැති හිතක්
                 හොරැහින් මා පසුපස ..

දෛවය සරදමක්
                කරනවාදෝ ...
මුසපත් හැගුම් මා
                ගිනිබත් කරයිදෝ ...
නොහගන ආලය
                 සැබෑවක්මදෝ ...
නුඹගේ දෙනෙත් මා
                 හික්මවයිදෝ...
   

                 ঔ৫⃟➤..adhi..᭄ ᭄࿓


@ShagiFm
අදිමාත්‍රීයව පෙම් කල මලක් වූයෙමි🌼
සාන්ද්‍රණය අදිකව යාමෙන් රොන් සොයා එහි පැමිණි,
සියලුම කුහුඹීන් එහි ගිලි මියදුණ අතර,
එකම බඹරෙකු පමණක් සෙමෙන් රොන් ගත්තහ...

ඒ නම් සැබෑම බඹරෙක් 😌❤️

වටිනා එක අදි සාන්ද්‍ර මලක් වන්න.. 🌼
එකම බඹරෙකු පමණක් රොන් ගන්න...🖤

ˢᵃᵈᵘᵘ.... 🖌

👉 @ShagiFm
මට ඕනි උනා
කතාවක් ගොතන්න,
පිටු පුරා
උඹෙ නමින් කුරුටු ගාන්න....
ඒත් උඹට ඕනි උනේ,
එක පරිච්ඡේදෙක
_ප්‍රධාන චරිතෙ වෙන්න!_

ප්‍රධාන චරිතෙ උඹ කරල
මට බැරි උනා,
_ලස්සන කතාවක_
නිමාව දකින්න....
මොකද ;
හැමකතාවෙම වගේ
මට සිද්ධ උනේ,
උඹ ලිව්ව පරිච්ඡේදෙ ඇරෙන්න
ඉතුරු ටික තනියෙන් ලියන්න...
අවසානෙ එනකල්
තනියෙන් අකුරු අමුණන්න...
ඒත් උඹ දන්නව ද,

"මගෙ කතාවෙ ලස්සන ම පරිච්ඡේදෙ
අයිතිය තිබ්බෙ උඹෙ නමට!.."🥺💓🌼
witer|••˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
🐰
@ShagiFm
නිසැකව ප්‍රෙමය කල්පාන්තයක් විය යුතුය..

මතකය නම් යල මහ සරුවට වැඩකරපු වතුය..

අකාලයෙ පුරන් වු ප්‍රෙමය නම් අස්වැද්දිය යුතුය..

බැරිම උනොත් සියල්ල අතහැර නිවන් යායුතුය...!!

💜️📝ගම්බාරෙ

@ShagiFm
ගොඩක් මිනිස්සු කැමති කතාවේ ප්‍රධාන චරිතෙට.. . ප්‍රධාන නළුවගෙයි නිලියගෙයි ආදරේ කියන්නේ හැමෝටම ලස්සන චිත්‍රයක් ..🤩. හැමෝම ආදරේ ඒ චිත්‍රෙට..😍.

නමුත් ඒ අතර ඊටත් ලස්සන තවත් සුන්දර ආදර කතා තියෙනවා..😌
"ඒක පාර්ශ්වික ආදරය "
මිනිස්සුන්ට දරාගැනීම උගන්නන්නෙම මෙතනින්..😌

පුංචි කාලේ ඉදන්ම හිතේ ඇතිවෙච්ච ආදරේ හිතේ හංගගෙන ජිවත් වෙන්න,
තමන්ගේ ඇස් ඉස්සරහපිටම තමන් ආදරේ කරන මනුස්සයා තව කෙනෙක් ට බැදෙද්දී,
ඒ කෙනා තමන්ගේ යාලුවෙක් ම වෙද්දී,
ඒ දිහා බලාගෙන, හැමදේම දරාගෙන කදුළු හංගන් කොහොම කියලා හිනාවෙන්න ද.😪

ආදරේ විරහ වේදනාව මන් නම් දැක්කෙම ගිව්මියොන්ගෙන් 😖😞

ගොඩක් ඒක පාර්ශ්වික ආදර කතා වල තනියම ආදරේ කරන කෙනා ගොඩක් වෙලාවට දුෂ්ට චරිතයක් ලූ..😈

ඔව් එහෙම තමයි.
මිනිස්සු තමන්ගේ දුක හංගන්නේ හිනාව, කේන්තිය, නපුරුකම ඉස්සරහ ට දාලා
මිනිස්සුන්ට පෙන්නනවා තමන්ට ඕනම දෙයක් දරාගන්න පුළුවන් කියලා.

ගිව්මියොන් ට චන්ගුමි එක්ක තිබුන ලොකුම තරහ චන්ගුමි ඇයට වඩා දක්ෂයෙක් වුන එක නෙමෙයි.
තමන්ගේ ආදරේ අයිතිකරගත්ත එකයි.

ඔව් ආදරේ නිසා මිනිස්සු ගොඩක් දේවල් වලට ඇබ්බැහි වෙනවා. ගිව්මියොන් ඇබ්බැහි වුනේ වෛර කරන්න. ඒකට එයාගේ පවුල් පසුබිම ත් බලපාන්න ගත්තා.

නමුත් ඇයත් සොදුරු ම ප්‍රේමවන්තියක්.
ආදරේ අහිමි වුන නමුත් කවදාවත් තමන්ගේ සෙනෙහස අඩු නොකරපු,
අයිතියක් නැතුව ම ආදරේ කරපු,
අයිතිය වෙනුවෙන් සටන් කරපු,

ඇයත් සංකේතයක්
ආදරය ක්‌ ම නොවුණු
විරහවක...
අයිතියක් නැතුවම ආදරේ කර කර
විරහ වේදනාව රස විදින..🥺

Writer @Tracybabh
˹ TʀAᴄy ✘ ʙʙʜ˼

@ShagiFm
ගෑනු එහෙමයි..!

නිමක් නැති ආදරය..
හිතෙ වැඩි ඉඩක් ගත්තා..

තරුවක ඇති ලස්සන..
සදත් හොරහින් බැලුවා..

සදේ රැස් අයිති ඉරට..
තරුවක් කඩන් වැටුනා..

වෙනසක් නැ කතාව...
හැමදාම කඩුව ගත්තෙ වැද්දා..

💜️📝ගම්බාරෙ

@ShagiFm
✰ *අයිතියක් නැති හැගිම් පපුව අස්සේ කොච්චරද..🥺💖⇥*

✰ *නොඅඩුව ලැබුනු වේදනාව මේ තරම් දුක්බරද..🥺💖⇥*

✰ *රූපයක් විතරක්ම පපුව අස්සේ තියන් කරන ආදරේ කොයිතරම් ලස්සනද🥺💖⇥*

✰ *__දුර ⁣ඉදන් කරන ආදරේ තමයි මේ ලෝකේ සුන්දරම...🥺♥️_*


Writer |••˹ TʀAᴄy ✘ ʙʙʜ˼..
@ShagiFm
හමු වුවත් හිමි නොවුන ...
                          හදවතට ආදරෙයි මා තාම...

හිමි නොවන බව දැන උන්නද ......
                      ආදරය කලේ පණ සේම.......

දෑගිලි බැදන් ආ මාවත අප දෙදෙන......
                 අද මා තනිවයි සොදුර නුබ නැතිව.....

   අතරමන්  වුවත් අපගේ මතක තුල ........
.         යලි යා නොහැක අපගේ ඒ මතක වෙත..


සැමදා නුබ ඇත්තේ හදවතේ ගැබුරුම තැනය
නමුදු නුබ නැති ලොවක......
මට තනිව ජීවත් විය නොහැක....
එතරම් ශක්තියක් මගේ හදවතෙහි තවද ඉතුරුව නැත සොදුර.....
ඉදින් නුබ මතකයෙන් පිටමන් කලද හදවතෙහි කිසිදා නොමැකෙන මතකයක් වනු ඇත.👩‍💻❤️🥹🫲
හිම් වුවත් අහිම් වුවත්
ආදරෙයු හැමදාම..😔❤️

Writer ••˹ TʀAᴄy ✘ ʙʙʜ˼••


@ShagiFm
*හරිම අමාරු කාලයක් මේක*
*හරිම දුකින් ගෙවෙන කාලයක් මේක*
*ඒ මොන දේ උනත් හැමෝම සතුටින් ඉන්න ඕනේ..*
*ප්‍රශ්න එනවා තමයි ජීවිතේට*
*But අපි ඒවා හොඳ පාඩම් කරගෙන මේ life එක ලස්සනට අරන් යන්*
😊❤️👀🫰🍃

Writer ˹ TʀAᴄy ✘ ʙʙʜ˼

@ShagiFm
මැදියමෙ පිපෙන මල් වල පිනිබිදු බරවෙලා හරි පෙති කැඩෙන්න ඕන..

අත්පටලන් ගිය වැව රවුම දවසක හරි පාලුවෙන්න ඕන..

සුලගට වත් නොනැමුනු තුරු දවසක මහපොළව සිපගන්න ඕන..

කොච්චර හයිය ගල් උනත් පිරිමි ඇහැකින් කදුලක් වැටෙන්න ඕන..


💜️📝ගම්බාරෙ


@ShagiFm
*හෙට වැලන්ටයින්ලු නේද?*😌💫🔐


*හුග කාලෙකින් හිතුනා මෙහෙම දෙයක් කියන්න ඔයාලට.. බනින අය බැනපුදෙන් මට කමක් නෑ ඒත් මට මේ දේ නොකියා ඉන්න බෑ*🙂🔐


*වැලන්ටයින් කියන දේ සමරන්න මහ තිරිසන්නු වගේ සමහරක්  තමන්ගෙ කෙල්ලගෙ නිරුවතින් කියලයි හිතන්නෙ 😒🙂💔*

*කෙල්ලෙක්ගෙ ආදරේ ඒකිගෙ නිරුවතින්ද බන් දකින්න හදන්නෙ මේ වගේ තිරසන් කොන්ද පන නැති එකෙක් වෙන්න එපා*🙂💔😣

*ඒකිගෙ ජීවිතේම කාලකන්නි කරන්න ඒකිව ඇදකට ගන්න කලින් හිතපන් යකෝ මොලෙන් ඒකිව පරිස්සම් කරන්න ඒ අම්මයි තාත්තයි කොච්චර මහන්සි වෙනවද?*🙂💔

*උබත් ඉපදුනේ අම්ම කෙනෙක්ගෙන් නේද ? ගැහැනු ජීවිතේ ලොකු දුකක් උබලට වඩා ව්දිනවා... මේ දවස් වලට එනවා ඒකිගෙ නිරුවත දකින්නහ්*🙂💔

*කෙල්ලෙක්ගෙ ශරීරය තියෙන්නෙ උබට බිල්ලට දෙන්න නෙමෙයි බ්න්*🙂💔

*"මට ඔයා ආදරේයි නම් හෙට එන්න ඕන මාත් එක්ක ගමනක් යන්න"🙂*

*ඒ වාක්‍ය තමයි උබලට ඒකිව අල්ලගන්න තියෙන එක දේ කියලයි හිතන්නෙ*🙂💔

*ඔව් ඉතින් ඒකි උබට පණ වගේ ආදරේයිනෙ ඒකිව මානසිකව වට්ටලා අවසානෙට එක්කන් යයි🙂*

*උබේ හැගීම් සේරම ඒකිගෙන් පිට කරයි*🙂

*අවසානෙට ඒකිට බඩුව කියලා කාපු චුයින්ගම් එකක් වගේ විසික්කරන්නෙත් උබම තමයි බන්*
🙂💔


*කෙල්ලෙ උබ කොච්චර උබේ එකාට ආදරේ උනත් ඒ ගමන යන්න එපා බන්*🙂💔

*අහින්සක අම්මගෙයි තාත්තගෙයි මූනු දිහා  බලහන් පොඩ්ඩක්*🙂♥️

*එයාල කොච්චරනම් උබව මලක් වගේ බලාගන්නවද?*🙂

*කොච්චර විශ්වාස කරනවද?*🙂

*ගැහැනු ලමයෙක්ට දෙයක් උනොත් ඒ දේ කවදාවත් හදාගන්න බෑ ඒක හරියට  වීදුරුවක් වගේ .. බිදුනහම ආයෙම හදන්න පුළුවන් හැබැයි කවදාවත් පලුද්ද නැතිකරන්න බෑ*
🙂🥲

*උබ කොච්චර සාධාරණ උනත් වැරදි නැතත් සමාජෙ ඇගිල්ල දික් කරන්නෙ උබට විතරයි*🙂🥺💔

*ඒ නිසා ඒ ගමන යන්න කලින් හිතපන් බන්*😌

*උබේ කොල්ල උබට ආදරේයිනම් කවදාවත් කියන්නෑ බන් ඒ ගමන එන්න කියලා*😌🫵

*ඒ වගේම සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගෙ කෙල්ලව මහ හුගාක් පරිස්සම් කරන*😌

*ඉතිම් තමන්ගෙ එකීට ආදරේයි නම් මාල හතක් දාල පෝරුවෙ නග්ගලා උබේම උන දවසට ඒ හැගීම ලස්සනට විදින්නහ්*☺️♥️
Writer ˹ TʀAᴄy ✘ ʙʙʜ˼

@ShagiFm
ප්‍රෙමයේ පෙරුම්දම්...

බෝල ඇස් දිලෙනව ප්‍රේමනීය හීනෙක අග..
දුරින් හිද බලා වත් උනුහුම විදගන්න..
හැබැහින් හිමි නොවුනත් මායා හිනෙක මගෙ වෙච්ච..
නවතින්න හිතෙනව පසලොස්වක හද ලගම..

💜📝ගම්භාරෙ

@ShagiFm
අහම්බෙන් දුටු වා වූ මලක්... 🌼

දැකුමෙන් ගැබ්බර වූ ප්‍රේමයක්...❤️

එලිය දැකුමටත් ප්‍රථමයෙන්
කුස තුළම ගබ්සාකරන කරන ලද
කුලුදුල් හැගීමක්... 🥀

එය....
ඒකපාර්ශවික ප්‍රේමය නම් විය.


ʂαԃυυ.......✒️


@ShagiFm
ගොඩ ගැසුනු පොත් කදු
                          දිගහැරියෙමි
ලිස්සා වැටුන කොලයක්
                      මා ඇස ගැටුනි
විපරම් කලේ ඒ සටහන්
                      දන්නා ලෙසිනි
කහටක් නොමැති ගුරුගේ
                       පද ලියැවී තිබුණි

කඩතොලු සහිත මංසන්ධියක
සිටගෙන
බර කල්පනාවක ගිලුනේ මා
නොදැනම
නැවත වරක් හැරි බැලුවා
මන්දිරය දෙස
වෙනසක් නොමැත ලැගුම් ගනිමි
p6 මාලිගෙය

රැස්වෙන ලමෝ දහසින් එකෙකි
මම
තදබල සිහිනයක් කරබැද නැවතුනේ මම
එකින් එක විසදමින් ගොඩ යන්නට  වෙර දරන
කෙටි මගකි මා නැවතුන මාලිගෙය

විසිරුණු කොල එකතු කර අමුනමින්
ඉරී ගිය සටහන් දෙස බලමින්
හමා ආ සුලග මා යලිත් පිළිගනිමින්
අරඹමි නො පිරුනු හිඩැස්පුරවමින්




ঔ৫⃟➤᭄ ᭄࿓࿔💚Adhi 💚......✍️


@ShagiFm 🌼
_ඔයා වෙනුවෙන් ගැහුණු හදවත__
_තවම හයියෙන් හුස්ම ගන්නවා__
_නුඹේ නම මහ රෑත් මුමුණං__
_නුඹ ආයේ එන බවද කියනවා__🤍°
_ඉරත් නොකියම බැහැලා යද්දි__
_හැඩට තරු මල් රටා මවනවා__
_අහස දෙස නෙත් යොමා ඉද්දි__
_තරු අතර නුඹේ දෑස් මැවෙනවා__🤍°
_නුඹේ මතක පපු කුහර අස්සෙන්__
_ඇදුම් දී ඇස්වලට නැගෙනවා__
_කාරි නෑ රං තරහා නෑ මම__
_තවම නුඹේ මත්තේම_  _නැහෙනවා___ ❤‍🩹°

*තුරුලේම තිබාගෙන ආදරේ ද කියන්න...*🧸❤️
*ඔබටමයි හැකි වූයේ මගේ දෑත අරගන්න...*🫂❤️
*හද දිහා බලාගෙන ඔය රුවම මවන්න..*🌝🫰
*නපුරුකම් කරේම  ආදරේ ද බලන්න....*🫣❤️
Writer ˹ TʀAᴄy ✘ ʙʙʜ˼


@ShagiFm
*ආරම්භයේ තීබු ලෙසම දශමයක්වත් අඩු නොකර අවසන් හුස්ම වාතලයට මුසුවන නිමේෂය තෙක් ලබා දිය හැකි වේ නම් ,*                                                                                                                                                                      
එය
                                                                                                  *ප්‍රේමය*                                                                                                            
නම් විය......
🤍💍🌏🌻👣🖇️🔐                                                                                            ✍🏼 ආදරේ කරන හැමෝටම සුබ ආදර වන්තයන්ගේ දිනයක් වේවා....
˹ TʀAᴄy ✘ ʙʙʜ˼
@ShagiFm

HAPPY VELANTINES ❤️❤️
*Happy valentine day*🙂❤️

මෙහෙම කියලා පටන් ගන්නම්....

පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය කියලා දවසක් වෙන් කරලා තියෙනවා calendar එකෙ හරි අපූරුවට....

මෙලෙස වෙන් වූ දවසකට පමනක්ද ආදරේ කියන්නේ....

එදාට තමන් ආදරේ කරන කෙනාව සතුටින් තියන එකද ආදරේ කියන්නේ🙂

ආදරය කියනකොට අකුරු 4යි...
මහා ලොකු අර්ථයක් තියෙන මේ අකුරු 4ට දවසක් වෙන් කරන්න එපා...

දවසකට වෙන් වෙච්ච ආදරයක් නැතුව...
හැමදාම සතුටින් තියන්න පුළුවන් නම් ආදරේ කියන්නේ ඒකටයි...

කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ දවසක ආදරේකට ම  නෙවේ🙂🤍🖐🏻

හැමදාම හොයල බලන...හැමවෙලේම තමන්ට හයියක් වෙලා ලගින් ඉන්න කෙනෙක්ට...

ආදරේ කරන කෙනාව හැමදාම පරිස්සමෙන් බලාගන්න...ඒ ආදරේ තාවකාලික දෙයක් නොවී සදාකාලික ආදරයක් බවට පත්වේවී...


ආදරය ගැන පැවසීමට බොහෝ දේවල් තිබුනද මෙතනින් නවතිමි...


Writer ˹ TʀAᴄy ✘ ʙʙʜ˼

@ShagiFm
ප්‍රෙමයට ඔනි නෑ දවසක්.
ඒකට අයිති කල්පයක්.
ආදරයෙන් පාටකරපු හදවතක් එක්ක.
නික්මුනායින් පසුවත් සංසාරගත් බැදීමක්..

එකම භවනක ලැගුම් ගත්ත මෞශධවරු..
ප්‍රෙමයෙන් බලලත්තු..
ආදරයෙ ලාභ අලාභ නොරිස්සූ..
සැබෑ ප්‍රෙමයට පර්‍යායයි ඒ මිනිස්සු..


💜📝 ගම්භාරෙ


@ShagiFm
ජීවිතේ සමහර තැන් වලදී ,

හිතට එන සමහර හඟීම් වලට,
කතා කරන්න පුළුවන් උනා නම්
කෑගහලා අඬන තරමට දුක හිතෙන හැඟීම්
හිත අස්සේ හැන්ගිලා තියෙනවා...

ඇසට එන කඳුලකට
කතා කරන්න පුළුවන් උනා නම්
ඒ කඳුල කියයි කොයි තරන් නම් කාලයක් ඇහැත් එක්ක ඉදලා
ඒ දුක හැන්ඟුවාද කියලා...

වගකීමුත් එක්ක තමන්ට තියෙන වරප්‍රසාද සියල්ල අහිමි කරගෙන තමන්ට දෙන්න පුළුවම් හොදම දේ හැමදාම අපි වෙනුවෙන් දුන්නේ වෙන කවුරුත් නෙමෙයි..

තාත්තා.. 🥺🥰❤️

Writer ˹ TʀAᴄy ✘ ʙʙʜ˼

@ShagiFm
*දිනෙක... ඔබ වැඩියෙන්ම ආදරෙ කරන කෙනා...*

*සදහටම මතකයක් වෙයි 🙃...*

*එදාට... හිත හදාගන්නවා කියලා ඉදියත් 🙂..*

*ඒ දවස අවයින් පස්සේ 🙂..*

*අපි හුගක් අසරණයි ❤‍🩹..*

*එක ඒ පුද්ගලයට තේරුම් යන්න...*

*කාලයක් යයි... 🌚✨️*

*සමහරක්විට ජීවිත කලෙම... 💔..*

*ශක්තිමත් වෙන්න ඔයා 🙃❤️.... එච්චරයි..*🫠

*යන දේ යනවා... එක නතර කරන්න බැ...*✋🏻

*නතර කරත් දවසක යන්න ම යනවා....*🔥

*දරාගන්න ❤️*


Writer ˹ TʀAᴄy ✘ ʙʙʜ˼