Animost LK - සිංහල හඩකැවූ ඇනිම් චිත්‍රපට
4.52K subscribers
62 photos
4 videos
13 links
- සිංහල හඩකැවූ ජපන් ඇනිමේෂන් චිත්‍රපට -
[ @animostsl ]

එහෙමත් නැත්නම් අපි හැමෝම කියන්නෙ ඇනිම් කියලනේ. මේ group එක මගින් ඔයාලට සෑහෙන ඇනිම් ප්‍රමාණයක් සුපිරිම කොලිටියෙන් දෙනවා සිංහලෙන්ම​.

Cross promotion : @animost_sl

Welcome !
No worries....
Download Telegram
ඔයාලගෙ යාලුවොත් මේවගේ ඇනිම් සිංහලෙන් බලන්න කැමතිනම් එයාලවත් අපේ channel එක ගැන දැනුවත් කරන්න...😊
Link : https://t.me/animostlk
ලෝකෙ හොදම ජපන් ඇනිමේෂන් ස්ටූඩියෝ 07
———————
හලෝ හලෝ 😏 ඇනිම් බැලුවට කවදාවත් හිතුවද මේව හදන ස්ටූඩියෝස් මොනවද කියල...?🙄 ඒ අතර ලෝකෙ හොදම ඇනිම් ස්ටූඩියෝ 7ක් ගැන තමයි අද #ForYou ලිපියෙන් කතාකරන්නෙ...😉 පහල Read Article button එකෙන් ගිහින් සම්පූර්ණ ලිපිය කියවන්න 👇
————
@animostlk
Your Name - Kimi No Na Wa [ සිංහල හඩකැවූ ] - ජීවිත මාරුව
————-
මිට්සුහා සහ ටකි… මේ දෙන්නා එකිනෙකා හමුවෙලා නෑ, කතා බහ කරලා නෑ, කොටින්ම එකිනෙකා අඳුනන්නේ නෑ. ඒත් මේ දෙන්නටම එක සමාන අත්දැකීමක් විඳින්න ලැබෙනවා.

”සමහර වෙලාවට මම ඇහැරෙන්නේ ඇස් වල කදුලු පුරෝගෙන. ඇඩෙන්න තරම් නින්දෙදි මම දකින හීනේ මට කවදාවත් මතක් කරගන්න බැරි වුනා. ඒත් මට ඕනම කරන දෙයක්, නැත්නම් කෙනෙක් නැති වුනා කියන හැඟීම මට ඒ හැම වෙලාවෙම දැනුනා.”

මිට්සුහාගෙයි, ටකි ගෙයි දවස පටන් ගන්නේ මේ වගේ සිතුවිලි වලින්. ඇත්තටම ඒක හීනයක් විතරද? ඒක හීනයක් නම් දෙන්නෙක් එකම හීනේ දකින්නේ කොහොමද?

එකම හීනයක් නිසා හිතටත් හොරා අඬන මිට්සුහාගේ සහ ටාකි ගේ ආදර අන්දරය මිනිත්තු 106ක් පුරාවට අත් විඳින්න සූදානම් වෙන්න. සම්ප්‍රදායන් එක්ක හැල හැප්පෙන මිට්සුහාගේ ජීවිතයත්, ටෝකියෝවේ නිදහස් ජීවිතයට හුරු වූ ටාකි ගේ ජීවිතයත් එකම කාසියක දෙපැත්තක් බවට පත් කළ ආශ්චර්‍ය ය ම දිනක ඔවුන් එක් කරාවිද?
————
@animostlk
Thank you 500 Members - GIFT
————————-
👆 මේක බැලුවෙ නැත්නම් ඇනිම් බැලුව කියන්න එපා 😅
මතක් කරල අපිව follow කරන්න ❤️
The Girl Who Leapt Through Time [ සිංහල හඩකැවූ ] [ 2006 ]
—————-
කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතේ මකෝටෝ කොනෝ කියලා ගෑණු ළමයෙක්. මෙයා අනිත් අය වගේම හරිම විනෝදෙන් ජීවත් වෙන්නේ. බේස් බෝල් තමයි ආසම ක්‍රීඩාව. හැමතිස්සෙම කරදර වලට පැටලෙන එක මෙයාගේ පුරුද්දක්. මෙහෙම ඉන්නකොට මෙයා හදිස්සියේ අර වගේ ලෙස්සලා වැටෙනවා. මේ වැටෙන මොහොතේ එයාට තේරෙනවා එයාව වැටෙන්න ගොඩක් වෙලා යනවා කියලා. එයාට ඒක එච්චර ගානක් නෑ. එදා ස්කෝලේ ඇරිලා වෙනදා වගේම මකෝටෝ බයිසිකලෙන් ගෙදර යන්න පිටත් වෙනවා. මකෝටෝ යන්න ඕනේ ලොකු පල්ලමක් එක්ක තියෙන රේල් පාරක් පහු කරගෙන. එයා මෙතනදි බ්‍රේක් ගහන්න හැදුවත් එදා බ්‍රේක් වැඩ කරන්නේ නෑ.මේ වෙලාවෙම කෝච්චියක් එතනින් යනවා. අවාසනාවට මකෝටෝව ඒ කෝච්චියට හැප්පිලා මැරෙනවා. ඒත් මේ මොහොතේ තමයි මකෝටෝගේ ජීවිතේ කනපිට පෙරලෙන්නේ. ඉතුරු හරිය ඔයාලා ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ. එහෙනම් මේ ෆිල්ම් එකත් රසවිඳියි කියලා මං හිතනවා.
————-
@animostlk
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හායි හායි හායි හායි...

Youtube එකට වෙලා phone එකේ data ඉවර කරන ගමන් ඉද්දි අලුත් දෙයක් හමුවුනා...
ශ්‍රී ලංකාව ගැන ඇනිම් හැදිලා තියෙනවද​?
ඔව් ඇත්තටම ඒක තත්පර 30ක ඇනිමක්... හදල තියෙන්නෙ ComiX Wave Studio එකෙන්... අපි මීට කලින් animost එකේ ComiX Wave එකේ මූවීස් කීපයක් දීල තියෙනවා... මේක එක අතකින් තත්පර 30 ක් වගේම අනිත් අතින් ad එකක්... ශ්‍රී ලංකාවෙ අලුතෙන් හදපු highway එක ගැන තමයි මේ පොඩි ඇනිම හදල තියෙන්නෙ...
Wolf Children - වෘක ළමයි
——————
සරසවියක ඉගෙන ගන්න හැනා, වෘකයෙක් සමඟ පෙමින් බැඳෙනවා. (හරිම අමුතුයිනේ?) ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙලා, ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මේ දරුවෝ වෘකයෝද? නැත්නම් මිනිස්සුද? ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකො. ඊට පස්සේ මේ වෘකයා මිය යනවා. හරිම ශෝකජනක ආකාරයට තමා ඒක සිදු වෙන්නේ. ඊට පස්සේ හැනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? ඒවා ජය ගන්න ඇයට පුළුවන් වේවිද? දරුවන්ට මොකද වෙන්නේ? මේ ඔක්කොම බලා ගන්න මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා. කාටුන් චිත්‍රපටියක් වුණත්, ඉතාමත්ම තාත්වික කතාවක් තමා මේ සලරුවෙන් දිග හැරෙන්නේ. මම නැවත වාරයක් කියන්නේ මෙම චිත්‍රපටිය, සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට යමක් ගත හැකි, හදවතින් විදින්න පුළුවන් අති විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් කියලා. තවත් එක් දෙයක් කියන්නම් “මේ ලෝකේ නොදන්නා සහ පුදුමාකාර දේවල් වලින් පිරුණු තැනක්”....
—————-
@animostlk
Welcome to THE SPACE SHOW [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed 2010
———-
ප්‍රාථමික පාස්ල් වයසේ පසුවන යාලුවෝ 4 දෙනෙක්ගේ ගිම්හාන නිවාඩුවේ සිද්ධවෙන අමුතුම දෙයක් ගැනයි මේ ඇනිමෙන් කියවෙන්නෙ. එයාලගෙ හුරතල් හාවෙ එහෙමත් නැත්නම් පියොන්-කිචි ටික දවසකට කලින් අතුරුදහන් වෙනව​. පස්සෙ ඒ හාවව හොයද්දි බඩ ඉරිගු වගාවක ඉඳලා පිටසක්වල බල්ලෙක් හමුවෙනවා. කොහොම හරි කට්ටිය මේ බල්ලව සනීප කරනවා...ඒකට ප්‍රථි උපකාරයක් විදිහට අර බල්ල ආරාධනා කරනවා මේ ළමයින් ට එයාලගෙ ලෝකයේ සවාරියක් යන්න එන්න කියල​.

මේ චාරිකාවෙ ගොඩක් විනෝද වුනත් ඔවුන්ට හිතපු විදිහටම නැවත පෘථිවියට එන්නනම් ලැබෙන්නේ නෑ....

ඒ ඇයි....?
එයාලට මොකක්ද වෙන කරදරය​....? එයාලට ආයෙ පෘථිවියට එන්න බැරි වෙයිද...​?

කතාව බලලම ඒක හොයාගන්න එක ඔයාලට බාරයි....
———————
@animostlk
Weathering WIth You [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed - සූර්යාලෝක දැරිවි
————-
In Tokyo, a runaway high school student facing financial struggles ends up with a job at a small-time publisher. One day, he meets a young girl who has the ability to control the weather.

Release date: July 19, 2019 (Japan)
Director: Makoto Shinkai
Nominations: Japan Academy Prize for Animation of the Year, MORE
Cinematography: Ryosuke Tsuda
Story by: Makoto Shinkai
—————--
@animostlk
🔰🔰🔰 Thank You 1000 subscribers 🔰🔰🔰
SO HERE IS THE GIFT 👆
Hi hello....
Yes yes I know it's time to sleep. It's almost 11.00 p.m !!!

But my dear we just updated our website to ui version 3.0. Isn't it a good reason for this celebration?

Howerver,

• New UI comes with ewesome features for you !
•( Bookmarking, Theme colour, Post Views, Translator etc... )

So enjoy the web space as well as animes ....

Bye bye.
Good Night ✌️
( animostlk.blogspot.com )
Howl's Moving Castle Sinhala Dubbed - රුවෙන් වෙන් කළ නොහැකි හදවත්
————-


මේ කතාව මායාව සමග එකතු උණ කතාවක්. මේකේ කථා නායකයා හවුල් කියල කෙනෙක්. එයාට පොඩි කාලෙම රාක්ෂයෙක් නිසා එයාගේ හදවත අහිමි වෙනවා. ඒත් ගිනි රාක්ෂයෙක් ගේ හදවතකිනුයි මෙයා ජීවත් උණේ. හරියට නිකං එකම හදවත දෙන්නෙක්ට බද්ධ වෙලා වගේ. එක්කෙනෙකුට වෙන දෙයක් දෙන්නටම වෙනවා. හදිසියෙවත් ගිනි රාක්ෂයාගේ හදවත මිය ගියොත් හවුලුත් මැරෙනවා. ඒ නිසා මේ දෙන්නා හිටියේ ඇවිදින ගෙදරක. මේ ගිනි රාක්ෂයා තමයි මේ ගෙදර ඇවිද්දවන්නේ. ගෙයක් කිව්වාට ඒක මාලිගාවක්. ඉතිං ඔහොම ඉන්න කොට තමා කතාව සොෆි ගෙන් ඇරඹෙන්නේ. එයාටම කියල තොප්පි කඩයක් තියෙනවා. ඒත් එයාගේ තාත්තා මැරිලා . අම්මා විතරයි එයාට හිටියේ. ඒත් එයා සොෆී ගැන ඒ තරම් ලොකු සැලකිල්ලක් දැක්වුයේ නෑ. ඒ නිසාම සොෆී තනියම වගේයි හිටියේ. ඒත් මෙයා දවසක් ගමනක් යද්දී අතරමග මෙයාව රාජකීය සොල්දාදුවො දෙන්නෙක්ට හමුවෙනවා. එයාල මෙයාව බය කරනවා. එතකොට තමා හවුල් එන්නේ. මේ දෙන්නගේ මේ හමුවීමෙන් පස්සේ ඒක ටිකින් ටික කතාව ඉදිරියට යන්නේ මායා කර්ම ගැන කියවෙන දේවල් එක්ක. සමහරැ කියනවා මේ හවුල් කියන කෙනා ලස්සන ගෑනු ළමයිගේ හදවත් හොරකම් කරනවා කියලා.
—————
@animostlk
ඔයාලය සිංහල ඇනිම් වලට අමතරව සිංහල හඩකැවූ චිත්‍රපට ත් දෙන්නද?
Anonymous Poll
80%
හා
20%
එපා
The Wind Rises - Sinhala Dubbed - පෙම්වතිය අහිමි කල නව නිර්මාණය
——————

මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මේ සිනමා කෘතියට පදනම් වෙලා තියෙන්නේ මිට්සුබිෂි A5M සහ මිට්සුබිෂි A6M Zero යන ජපන් ගුවන් යානා වල නිර්මාපකයා වන ජිරෝ හොරිකෝෂිගේ ජීවන කතාවයි. සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට ආදර්ශයක් ගත හැකි, අගනා චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය හැඳින්වීම නිවැරදියි.

ජිරෝ කියන්නේ කුඩා කළ සිටම ගුවන් යානයක් නිර්මාණය කිරීමට සිහින මැවූ අයෙක්. කෙසේ හෝ ඔහු ගුවන් යානා නිර්මාණය පිළිබඳ හදාරා, ජපානයට ගුවන් යානයක් නිර්මාණය කිරීමට වෙහෙසෙනවා. ඔහු මේ සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන අතර, ඔහුට පෙම්වතියක්ද මුණ ගැසෙනවා. ඉන් පසු මේ දිරිය මිනිසාගේ ගුවන් යානයක් නිර්මාණය කීරීම සඳහා යන ගමන ගලා යන්නේ සුන්දර ආදර කතාවක්ද සමඟයි. නමුත් චිත්‍රපටිය අවසානයේදී ඔබ බලන්න, ඔහු ජයගන්නේ තමාගේ ප්‍රේමයද, නැත්නම් තමාගේ සිහිනයද කියා. මෙවැනි අපිරිමිත කැපකිරීම් කරමින්, මේ ලෝකය සුන්දර මෙන්ම සුවපහසු කිරීමට වෙහෙසුණු මිනිසුන්ට මගේ ගෞරවය පුද කරමින් ඔබෙන් සමුගන්නම්.
————
Animost LK
ඔයාල දැකල ඇති ලෝකෙ ගොඩක් මිනිස්සු ඉබ්බන්ගෙයි හාවගෙයි දුවන තරග තීයෙනවා.... මේවයින් ගොඩක් ඒවගෙදි වෙන්නෙ ඉබ්බ දිනන එක​... හේතුව නම් මම දන්නෙ නෑ.... හැබැයි මේකෙන් අපිට ගන්න ආදර්ෂයක් තියෙනවා...

ඒ මොකක්ද​? 👇
ඉබ්බෙක් කියන්නෙ ගොඩක් හෙමින් යන සතෙක්, ඒ වගේම හාවෙක් කියන්නෙ සාපේක්‍ෂව වේගෙන් යන්න පුලුවන් සතෙක්...
නමුත් හැමවෙලේම කරන්න ඕනෙ තමන්ට ගැළපෙන දේ විතරයි...
අර කතාවක් තියෙන්නෙ" ලූලා නැති වලට කනයා පණ්ඩිතයාය" කියල​. තමන් ඇත්තටම දක්ශයෙක් නොවුනත් අදක්‍ෂයන් අතර ඉබේම දක්ශයෙක් වෙනව කියන එකයි මේ ප්‍රස්ථාපිරුලෙන් කියන්නෙ... එහෙම ව්‍යාජ දක්ශකමක් වැඩක් නෑනෙ....ඉතින් ඒවගේ තමන්ට නොගැළපෙන අයත් එක්ක ගැටෙන්න යාමෙන් වෙන්නෙ කරදරයක්මයි...

( ඉබ්බගෙයි හාවගෙයි තරගෙදි ඉබ්බ දිනන්නෙ හාව නිදාගත්ත නිසා නෙවෙයි... හාවෙක් පිටිපස්සෙන් බල්ලෙක් වගේ පන්නගෙන ආවොත් හාව දුවල බේරෙනවා....
හාවට ඉබ්බත් එක්ක දුවල දිනනවට වඩා නිදාගන්න එක වටිනවා... මොකද හාව කැම හොයාගෙන යන්නෙ ගොඩක් වෙලාවට රාත්‍රී කාලයට )


ඉබ්බගෙයි හාවගෙයි තරගයේ ඔයාල අහල නැති කොටස