Animost LK - සිංහල හඩකැවූ ඇනිම් චිත්‍රපට
4.49K subscribers
62 photos
4 videos
13 links
- සිංහල හඩකැවූ ජපන් ඇනිමේෂන් චිත්‍රපට -
[ @animostsl ]

එහෙමත් නැත්නම් අපි හැමෝම කියන්නෙ ඇනිම් කියලනේ. මේ group එක මගින් ඔයාලට සෑහෙන ඇනිම් ප්‍රමාණයක් සුපිරිම කොලිටියෙන් දෙනවා සිංහලෙන්ම​.

Cross promotion : @animost_sl

Welcome !
No worries....
Download Telegram
Howl's Moving Castle Sinhala Dubbed - රුවෙන් වෙන් කළ නොහැකි හදවත්
————-


මේ කතාව මායාව සමග එකතු උණ කතාවක්. මේකේ කථා නායකයා හවුල් කියල කෙනෙක්. එයාට පොඩි කාලෙම රාක්ෂයෙක් නිසා එයාගේ හදවත අහිමි වෙනවා. ඒත් ගිනි රාක්ෂයෙක් ගේ හදවතකිනුයි මෙයා ජීවත් උණේ. හරියට නිකං එකම හදවත දෙන්නෙක්ට බද්ධ වෙලා වගේ. එක්කෙනෙකුට වෙන දෙයක් දෙන්නටම වෙනවා. හදිසියෙවත් ගිනි රාක්ෂයාගේ හදවත මිය ගියොත් හවුලුත් මැරෙනවා. ඒ නිසා මේ දෙන්නා හිටියේ ඇවිදින ගෙදරක. මේ ගිනි රාක්ෂයා තමයි මේ ගෙදර ඇවිද්දවන්නේ. ගෙයක් කිව්වාට ඒක මාලිගාවක්. ඉතිං ඔහොම ඉන්න කොට තමා කතාව සොෆි ගෙන් ඇරඹෙන්නේ. එයාටම කියල තොප්පි කඩයක් තියෙනවා. ඒත් එයාගේ තාත්තා මැරිලා . අම්මා විතරයි එයාට හිටියේ. ඒත් එයා සොෆී ගැන ඒ තරම් ලොකු සැලකිල්ලක් දැක්වුයේ නෑ. ඒ නිසාම සොෆී තනියම වගේයි හිටියේ. ඒත් මෙයා දවසක් ගමනක් යද්දී අතරමග මෙයාව රාජකීය සොල්දාදුවො දෙන්නෙක්ට හමුවෙනවා. එයාල මෙයාව බය කරනවා. එතකොට තමා හවුල් එන්නේ. මේ දෙන්නගේ මේ හමුවීමෙන් පස්සේ ඒක ටිකින් ටික කතාව ඉදිරියට යන්නේ මායා කර්ම ගැන කියවෙන දේවල් එක්ක. සමහරැ කියනවා මේ හවුල් කියන කෙනා ලස්සන ගෑනු ළමයිගේ හදවත් හොරකම් කරනවා කියලා.
—————
@animostlk
ඔයාලය සිංහල ඇනිම් වලට අමතරව සිංහල හඩකැවූ චිත්‍රපට ත් දෙන්නද?
Anonymous Poll
80%
හා
20%
එපා
The Wind Rises - Sinhala Dubbed - පෙම්වතිය අහිමි කල නව නිර්මාණය
——————

මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මේ සිනමා කෘතියට පදනම් වෙලා තියෙන්නේ මිට්සුබිෂි A5M සහ මිට්සුබිෂි A6M Zero යන ජපන් ගුවන් යානා වල නිර්මාපකයා වන ජිරෝ හොරිකෝෂිගේ ජීවන කතාවයි. සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට ආදර්ශයක් ගත හැකි, අගනා චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය හැඳින්වීම නිවැරදියි.

ජිරෝ කියන්නේ කුඩා කළ සිටම ගුවන් යානයක් නිර්මාණය කිරීමට සිහින මැවූ අයෙක්. කෙසේ හෝ ඔහු ගුවන් යානා නිර්මාණය පිළිබඳ හදාරා, ජපානයට ගුවන් යානයක් නිර්මාණය කිරීමට වෙහෙසෙනවා. ඔහු මේ සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන අතර, ඔහුට පෙම්වතියක්ද මුණ ගැසෙනවා. ඉන් පසු මේ දිරිය මිනිසාගේ ගුවන් යානයක් නිර්මාණය කීරීම සඳහා යන ගමන ගලා යන්නේ සුන්දර ආදර කතාවක්ද සමඟයි. නමුත් චිත්‍රපටිය අවසානයේදී ඔබ බලන්න, ඔහු ජයගන්නේ තමාගේ ප්‍රේමයද, නැත්නම් තමාගේ සිහිනයද කියා. මෙවැනි අපිරිමිත කැපකිරීම් කරමින්, මේ ලෝකය සුන්දර මෙන්ම සුවපහසු කිරීමට වෙහෙසුණු මිනිසුන්ට මගේ ගෞරවය පුද කරමින් ඔබෙන් සමුගන්නම්.
————
Animost LK
ඔයාල දැකල ඇති ලෝකෙ ගොඩක් මිනිස්සු ඉබ්බන්ගෙයි හාවගෙයි දුවන තරග තීයෙනවා.... මේවයින් ගොඩක් ඒවගෙදි වෙන්නෙ ඉබ්බ දිනන එක​... හේතුව නම් මම දන්නෙ නෑ.... හැබැයි මේකෙන් අපිට ගන්න ආදර්ෂයක් තියෙනවා...

ඒ මොකක්ද​? 👇
ඉබ්බෙක් කියන්නෙ ගොඩක් හෙමින් යන සතෙක්, ඒ වගේම හාවෙක් කියන්නෙ සාපේක්‍ෂව වේගෙන් යන්න පුලුවන් සතෙක්...
නමුත් හැමවෙලේම කරන්න ඕනෙ තමන්ට ගැළපෙන දේ විතරයි...
අර කතාවක් තියෙන්නෙ" ලූලා නැති වලට කනයා පණ්ඩිතයාය" කියල​. තමන් ඇත්තටම දක්ශයෙක් නොවුනත් අදක්‍ෂයන් අතර ඉබේම දක්ශයෙක් වෙනව කියන එකයි මේ ප්‍රස්ථාපිරුලෙන් කියන්නෙ... එහෙම ව්‍යාජ දක්ශකමක් වැඩක් නෑනෙ....ඉතින් ඒවගේ තමන්ට නොගැළපෙන අයත් එක්ක ගැටෙන්න යාමෙන් වෙන්නෙ කරදරයක්මයි...

( ඉබ්බගෙයි හාවගෙයි තරගෙදි ඉබ්බ දිනන්නෙ හාව නිදාගත්ත නිසා නෙවෙයි... හාවෙක් පිටිපස්සෙන් බල්ලෙක් වගේ පන්නගෙන ආවොත් හාව දුවල බේරෙනවා....
හාවට ඉබ්බත් එක්ක දුවල දිනනවට වඩා නිදාගන්න එක වටිනවා... මොකද හාව කැම හොයාගෙන යන්නෙ ගොඩක් වෙලාවට රාත්‍රී කාලයට )


ඉබ්බගෙයි හාවගෙයි තරගයේ ඔයාල අහල නැති කොටස
හායි... 😪
දැන් ඔයාලට කමෙන්ට් එහෙමත් දාන්න පුලුවන් 👇

https://t.me/+PIq7kOhoxU82NDk1
Vivo 2021 [ සිංහල හඩකැවූ ] - ආසයි මම නොකී කවිය නුඹට කියන්න
———-
කතාව දිවෙන්නේ කින්කාජු කියන වැසි වනාන්තර වල වෙසෙන කුඩා වඳුරෙක් වගේ සතෙක් (වී‍වෝ) වටා. මෙයා නගරයට එන්නේ අහම්බෙන්. එහෙදී හමුවෙනවා සංගීතය ජීවකාව කරගත්ත අන්ඩ්‍රේසිව. ඔහු සමඟ එකතු වෙන වීවෝ, තමන්ගේ ලෝකය කරගන්නේ ගෙදර සහ ප්‍රසංග පවත්වන ප්ලාසා එක. මේ පුංචි ලෝකය දෙදරන්නේ, හදිස්සියෙන්ම අන්ඩ්‍රේසිට ලැබෙන ලියුමකින්. ඒ ඔහුගේ පැරණි පෙම්වතිය වන මාර්තාගේ අවසාන සංගීත ප්‍රසංගයට ඇය සමඟ ගායනා කරන්න එන ලෙස දැන්වූවක්. ඒක පාර්ශ්වික ආදරයක් වුනු ඒ ආදරය, ප්‍රකාශ කරන්න ලැබුණු මේ අවස්ථාව අන්ඩ්‍රේසි ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? වීවෝට මොකද වෙන්නේ? ගැබී කවුද? ඇය මේ කතාවට ඇති සම්බන්ධය මොන වගේද? මේවා දැනගන්න, මේ චිත්‍රපටිය රසවිඳින්න.

© Animost LK
Flavours of youth Sinhala Dubbed [ බලාපොරොත්තුව​ ] සිංහල හඩකැවූ
————

Release date: August 4, 2018 (China)
Directors: Yoshitaka Takeuchi, Haoling Li, Jiaoshou Yi Xiaoxing
Languages: Japanese, Cantonese, Mandarin,sinhaala
Producer: Noritaka Kawaguchi
Music composed by: Rei ISHIZUKA
Box office: 2.8 million CNY (China)
Alice Academy - Alice Iskole - Alice School - Gakuen Alice - ඇලිස් ඉස්කෝලෙ - ඇලිස් ඇකඩමි
————
ජපානයේ ගම්බද ප්‍රදේශයක තමන්ගෙ සීයත් එකා ජීවත් වුන මිකාන් සකුරා තමන්ගෙ හොදම මිතුරිය හොටාරු ඉමායි ටෝකියෝවෙ පාසලකට ඇතුලත් වුනාට පස්සෙ ඇයව හොයාගෙන යනවා. මේ පාසලේ ගේට්ටුව ලගදි ඇයට නරුමි ගුරුතුමාව හමුවෙනවා. මෙහි ඇලිස් දක්ශතා තියෙන අය වෙනුවෙන් ඉදිකරලා තියෙන ඇලිස් ඇකඩමි කියන පාසලට මිකාන්ටත් ඇතුලත් වෙන්න පුලුවන් වෙනවා.මෙහිදී ඇය මුහුණ දෙන දේවල් සහ ඇලිස් ඇකඩමියට සම්බන්ධ අභිරහස් ගැන කතාවෙන් කියවෙනවා...
————
AnimostLK
Two by Two Overboard Sinhala Dubbed [ සිංහල හඩකැවූ ]
————-
හරි, පළවෙනි කොටස බැලුවානම් ඔයාලා දන්නවා නෙස්ට්‍රියන් කියන සත්ව විශේෂයට අයිති ෆිනීයි, එයාගෙ තාත්තා ඩේව් කොයි තරම් හරඹ කළාද කියලා ජල ගැල්මෙන් බේරෙන්න නැවට ගොඩ වෙන්න. මේ හටන් අස්සෙ ෆිනී මාංශ භක්ෂක ග්‍රිම්ප් කෙනෙක් එක්ක මිතුරු වෙනවා. අවසානෙදි තමයි දැනගන්නෙ මෙයාලායි මෙයාලගෙ කණ්ඩායමෙ හිටිය අයයි උභය ජීවීයො කියල.

අනිත් අයට උදව් කරන එක නෙස්ට්‍රියන්ලගෙ පුරුද්දක්නෙ. ඉතින් ඩේව් තීරණය කරනව, එයාගෙ පුතා ෆිනී එක්ක නැවේ ඉඳං නැවේ සූපවේදී රාජකාරිය කරන්න. මේ අතරෙ නැවේ කට්ටියගෙ කෑම අවසන් වීගෙන එන නිසා හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින් ගොඩබිමක් හොයාගන්න එකයි. ඉතින් එතනින් පටන්ගන්න කතාව සුපුරුදු පරිදි ෆිනී සහ ලියා මිත්‍ර හවුල නිසා ලොකු ලොකු ගැටළු ඇති වෙනවා. දන්නවනෙ ලියාගෙ පණ්ඩිතකම නිසා කොයි වෙලෙත් සෙල්ලම ලෙල්ලම වෙලා ෆිනීත් අමාරුවෙ වැටෙනව කියල.

ඉතින් මේ පාර මොන වගේ සෙල්ලම් ලෙල්ලම් වෙයිද? කෑම ප්‍රශ්ණෙ ඩේව් කොහොම විසඳයිද? කෑම අවසන් වෙන්න කලින් කට්ටියට ගොඩබිමක් හොයාගන්න හැකි වෙයිද? කියන ප්‍රශ්ණ ටික ඉතිරි කරලා මම සමුගන්නවා.
—————-
1080P | 480P | 360P | 240P
Children of the Sea - සයුරේ දරුවෝ - Sinhala Dubbed
—————-
චිල්ඩ්‍රන් ඔෆ් ද සී (ජපන්: 海獣の子供, Hepburn: Kaijū no Kodomo) යනු 2019 වසරේ ජපන් සජීවිකරණ චිත්‍රපටයක් වන අතර එය Ayumu Watanabe විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර Eiko Tanaka විසින් නිෂ්පාදනය කරන ලද අතර, Studio 4°C විසින් සජීවිකරණ නිෂ්පාදනයක් ද සමඟින්. එය චිත්‍රපටයේ තිර රචනය ද ලියූ Daisuke Igarashi විසින් එම මාතෘකාවේම මංගා මත පදනම් වේ. එය ස්පේස් බ්‍රදර්ස් #0 (2014) ට පසු වටනබේගේ පළමු රංගමය වශයෙන් නිකුත් වූ චිත්‍රපටය වන අතර, ඉගරාෂි මංගාගේ පළමු සජීවිකරණ චිත්‍රපට අනුවර්තනය වේ. චිත්‍රපටයේ හඬ මානා අෂිදා, හයිරෝ ඉෂිබාෂි සහ සීෂූ උරගාමිගේ රංගනයෙන් දායක වේ. සාගරයේ සහ ජීවිතයේ අභිරහස් තේමා කර ඇති එය මනුෂ්‍යත්වය සහ සොබාදහම අතර සම්බන්ධතා නිරූපණය කරයි. එය 2019 ජුනි 7 වන දින ජපානයේ නිකුත් කරන ලදී.
—————
1080P • 480P • 360P
Monster Family 2 - රාක්ශ පවුල​ Sinhala Dubbed
————-
The Wishbones are a happy family -- but not all is perfect. Max and Fay are struggling with the pressures of growing up, while Mom and Dad have the demands of work and parenting; but their hum-drum life is about to change. Mila Starr, a monster hunter, has made it her mission to capture all spooky creatures including the Wishbone's friends King Conga, The Loch Ness Monster, and The Yeti. In order to save their friends, the Wishbone's must transform into monsters themselves. Together as a Vampire, Mummy, Werewolf, and Frankenstein, the family take off on the most monst-umental adventure of their lives.
————
1080P UHD
සල්ලි දීලා කඩෙන් කන්නට
අපිට තේරෙන් නැති නිසා...
නිවා ගන්නට දැනුන බඩගිනි
කෑම හොය හොය මම ගියා...

යටම ලීයට ටිකක් ඈතින්
රසම දේකට ඇස් ගියා...
එද්දි හස්සක හංගලා ආ
පොඩ්ඩවත් මට සිහිවුනා...

පොඩ්ඩා ආසම කන්න පොල්මයි
සිහිවෙලා හිනහත් ගියා...
කෑලි කඩ කඩ හපල දුන්නම
කන්නෙ මගෙ තුරුලට වෙලා...

ටිකක් කාලා අරන් යනවා
අනිත් ටික පොඩ්ඩට කියා....
බලලා වටපිට හෙමි හෙමින් මම
පොල් කෑල්ලට ලං උනා...

වෙනදා වගෙ නෑ මේක අදනම්
මොකෝ මෙච්චර හිරවෙලා...
කටින් අල්ලන් ඇද්දා තදටම
මගේ මුලු හයියම තියා....

කටට ආවත් පොල් කෑල්ලම
මගේ දත් වල තදවෙලා....
උඩින් වැටුනේ යකඩ පතුරක්
බෙල්ල විදගන උල් ගියා...

පෙලාගන කුස රැදුනු බඩගිනි
ගසාගන කොහෙදෝ ගියා..
හයිය නෑ මට ගලව ගන්නට
ඇස් දෙකම මගෙ තෙත් උනා...

එන්න බැරිවෙයි අයම අම්මට
පොඩ්ඩෝ අම්මව අහුවුනා...
උබව සිහිවී එන්න ඇද්දත්
බෙල්ල තව තව තද උනා...

කාපු චුට්ටත් බෙල්ලේ සිදුරෙන්
පොඩ්ඩෝ එලියට පිටවුනා...
හිර වෙලා මම ගොඩක් ඇඩුවා
උබේ පංගුව බල බලා....

කෑම පෙන්නල පනත් ගන්නට
පොඩ්ඩො මිනිසුන් පෙලඹුනා...
උසස් මනසට මිනිස් මොලයට
තිරිසන්නු අපි පැරදුනා
The Secret World of Arriety [ සිංහල හඩකැවූ ] - Sinhala Dubbed
———-
"Arrietty" is a 2010 Japanese animated film about a family of tiny people living secretly in a house. Arrietty meets Sho, a sickly boy, and the two learn about each other's worlds. The film has stunning animation, an emotive score, and a heartwarming story about family, friendship, and the balance between humans and nature. It is a must-see for fans of Studio Ghibli and animated films.
720P HD
May all that is beautiful, meaningful and brings you joy be yours this holiday season and throughout the coming year!
Merry Xmas....

Greetings from ,
AnimostLK
Big fish and begonia සිංහල හඩකකැවූ

A 16-year-old girl embarks on a fantastical and dangerous adventure after transforming into a dolphin. When a boy sacrifices himself to save her, she uses magic to bring him back to life -- only to learn that this power comes at a serious price.

1080p • 720p • 480p • 360p
Here's to a bright New Year and a fond farewell to the old; here's to the things that are yet to come, and to the memories that we hold

HAPPY NEW YEAR 2023

Animost LK
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හායි...

ඔයාලට මතක ඇති අපි පහුගිය දවස් ටිකේ ඔයාලට පෝල් එහෙම දාල පොඩි research එකක් කරා... අපි කිව්වනෙ ඒ ඇප් එකක් හදන්න කියල​...ඔන්න ඒ ඇප් එකේ පළවෙනි Promo video එක තමයි ඔය ඉහළින් තියෙන්නෙ....

ඇප් එකේ නම : Sinhala Chronicles

1. මේකෙන් ඔයාලට කොලිටි කීපයකින්, සිංහල හඩකැවූ මූවීස්, සහ ඇනිම් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...

2. ඒවගේම මේකෙන් මූවීස් ඔන්ලයින් බලන්නත් පුලුවන්...

මේක අපි හැදුව කිව්වට ඇත්තටම ටෙලිග්‍රෑම් එකේ මූවී channel දෙකක ඉන්න devs ල එකතු වලා තමයි මේක හැදුවෙ... අපේ ඇනිමෝස්ට්LK එකෙන් තමයි UI/UX design කරේ... ඒ නිසා අපිට පුලුවන් උනා "ඇනිම් උයන" නමින් ඇප් එකේ වෙනම කවුළුවක් ඔයාලට වෙන් කරල දෙන්න​...

දැනට 95% විතර වැඩ කටයුතු ඉවරයි... ඇප් එක දැන් තියෙන්නෙ testing level එකේ...
testing ඉවර වුන ගමන් ඇප් එක ඔයාලට ලබා දෙන්නම්...

සුබ දවසක්
Kung Fu Panda 3 [ මකර​ සටන්කරු ] - Sinhala Dubbed
—————
කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්‍රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්‍රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්‍රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ.
———
1080P HD