Biology Lovers ❤️
636 subscribers
5 links
Download Telegram
තව පොඩි දෙයක් 👇


Rb එක පාඩම් කරද්දී Essay එකක් එන්න පුලුවන් කියලා ඔයාට හිතෙන මාතෘකා තියෙනවනේ ..අන්න ඒ මාතෘකා යටතේ තියෙන පොයින්ට්ස් ටික ගනන් කරලා ඒ ගාන රතු පෑනකින් වගේ ඒ මාතෘකාව ගාව ලොකුවට ලියලා රවුම් කරලා තියන්න ..

එතකොට පාඩම් කරනකොට අපිට නිතරම ඒ මාතෘකාව යටතේ තියෙන පොයින්ට් ගාන පේනවනේ .. එතකොට ඔටෝම ඕක අපේ ඔලුවේ තැන්පත් වෙනවා මේතන කරුණු මෙච්චරක් තිබුණා කියලා

එක්සෑම් එකේදි රචනා ප්‍රශ්නයක් ලියලා ඉවර වුනාම අවශ්‍ය ඔක්කොම පොයින්ට්ස් ටික ලියවිලාද මොනාහරි මග හැරිලද කියලා අපිට එවෙලෙම චෙක් කර ගන්න පුලුවන් ඕකෙන් ..

ප්‍රායෝගික ඕක හැම රචනාවකටම කරන්න බැහැ ..මොකද හැම මාතෘකාවක් යටතෙම තියෙන පොයින්ට්ස් ටික අපිට මතක හිටින්නේ නැහැ වගේම අපි එයි කියලා නොහිතන තැන් වලින් රචනා එන්න පුලුවන් ..

හැබැයි පේපර් එකේ එක රචනාවකට හරි ඔය ක්‍රමෙන් උදව්වක් වෙන්න පුලුවන් . ප්‍රායෝගිකව මට එක්සෑම් එකේදි එහෙම වුණා . කෙටි සටහන් ලියන්න තියෙන රචනා ප්‍රශ්නේ එක මාතෘකාවකට .. ඒ යටතේ තියෙන පොයින්ට්ස් ගාන මට මතකේ තිබ්බා . පොයින්ට්ස් 2ක් අඩුවෙන් ලියලා තිබ්බේ ..ඒ දෙක මතක් කරලා ලිව්වා කොහොම හරි 🙈❤️
Q1- එක කම්මුලක පමණක් වළ ගැසීම සුලබ සිද්ධියකි
Anonymous Quiz
31%
✔️
69%
✖️
Q2- කම්මුල් වළ ගැසීම නිලීන ගති ලක්ෂණ යකි
Anonymous Quiz
55%
✔️
45%
✖️
Q3- කම්මුල් වළ ගැසෙන මවකට සහ කම්මුල් වළ නොගැසෙන පියෙකුට දාව උපදින සියලුම දරුවන්ගේ කම්මුල් වළ ගැසෙයි නම් . කම්මුල් වළ ගැසීමට අදාළ මවගේ ප්‍රවේණිදර්ශය
Anonymous Quiz
70%
ප්‍රමුඛ සමයුග්මක විය යුතුයි
17%
ප්‍රමුඛ විෂමයුග්මක විය යුතුයි
10%
නිලීන සමයුග්මක විය යුතුයි
4%
නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක
Q4- කන්පෙති හිසට සම්බන්ධ වී ඇති ප්‍රමාණය ................ .රටාවලට ආවේණිගත වේ
Anonymous Quiz
54%
මෙන්ඩලීය
46%
මෙන්ඩලීය නොවන
Q5- ඇලුණු කන්පෙති ................ගති ලක්ෂණයකි
Anonymous Quiz
28%
ප්‍රමුඛ
72%
නිලීන
Q8- කොන්ඩ්‍රොසයිට මගින් ස්‍රාවය කරනු ලබන x නම් සම්බන්ධක පටකයේ පූරකය y සහ ‍z වලින් සමන්විත සංකීර්ණයකි ..තවද x සම්බන්ධක පටකය a සහ b වැනි ස්ථානවල හමු වේ

ඉහත ප්‍රකාශ වලින් වඩාත් නිරවද්‍ය වන්නේ
Anonymous Quiz
7%
z ප්‍රෝටීන විය හැකි අතර y ලිපිඩ විය හැක
12%
a ශ්වාසනාලය විය හැකි අතර b බන්ධනි විය හැක
29%
x සම්බන්ධක පටකය දේහයට ශක්තිය හා සන්ධාරණය ලබා දෙයි
41%
x සම්බන්ධක පටකයේ පූරකයේ කොලැජන් තන්තු හමු විය හැක
11%
y කැල්සියම් අයන විය හැකි අතර z පොස්පේට් අයන විය හැක
Biology Lovers ❤️
Q8- කොන්ඩ්‍රොසයිට මගින් ස්‍රාවය කරනු ලබන x නම් සම්බන්ධක පටකයේ පූරකය y සහ ‍z වලින් සමන්විත සංකීර්ණයකි ..තවද x සම්බන්ධක පටකය a සහ b වැනි ස්ථානවල හමු වේ

ඉහත ප්‍රකාශ වලින් වඩාත් නිරවද්‍ය වන්නේ
හරි කියලා දීලා තියෙන උත්තරයට අමතරව තව හරි කියලා ගන්න බැරි කමක් නැති උත්තරේකුත් තියෙනවා ..

හැබැයි කෙලින්ම හරි කියලා සලකන්න පුලුවන් උත්තරයක් තියෙන නිසාත් ( ප්‍රශ්නේ අහලා තියෙන්නේ වඩාත් නිරවද්‍ය උත්තරේ නිසා ) , Rb එකට අනුවත් හරි උත්තරේ ඕක නිසාත් , Poll එකේ හරි කියලා දීලා තියෙන උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ 🙈
සිනිදු ,කංකාල , හෘත් පේශි පටක ගැන කෙටි සටහනක් ලියන්න ආවොත් ලියන්න ඕන පොයින්ට්ස් ටික මග නොහැරි ලියන්න නම් මං කරන්නේ ඒ පොයින්ට්ස් ටික මොකක් හරි පිළිවෙලකට ඔලුව ඇතුලේ හදාගන්න එක ..

ඒ මෙහෙමයි

සිනිදු පේශි පටකය

1.හැඩය ගැන
2.ඒක න්‍යෂ්ටික බහු න්‍යෂ්ටික කතාව 
3.විලේඛ ගැන
4.ඉච්ඡානුග අනිච්ඡානුග බව ගැන
5. තියෙන තැන් ටික

මට දැන් ඔලුවේ තියාගන්න තියෙන්නේ කාරණා 5යි ..

❤️මම පාඩම් කරන වෙලාවට
❤️පාඩම් කරපුවා ආයෙ මතක් කරන වෙලාවට
❤️ඒ හා සම්බන්ධ ප්‍රශ්නෙකට උත්තර ලියන කොට ඔය පිළිවෙලට තමයි පොයින්ට්ස් ටික මතක් කර ගන්නේ

ඊලගට කංකාල පේශි පටකය

ඒකටත් අර පොයින්ට්ස් ටික කංකාල පේශි පටකයට අදාළව ලියන්න තියෙන්නේ

එක වෙනසක් තියෙනවා එතනදි සාකොමියර ගැන කියන්න වෙනවා . විලේඛ කතාව ලිව්වට පස්සේ

හෘත් පේශි පටකය

අර සිනිදු පේශි පටකයේ  පොයින්ට්ස් ටිකමයි .

එක වෙනසක් තියෙනවා ..මෙතනදි සෛලවල හැඩයක් සම්බන්ධ දෙයක් කියන්නේ නැහැ හැබැයි  අන්තරස්ථාපිත මඩල ගැන ලියන්න වෙනවා .

ඔය මොනා කරන්නත් ඒ ඒ උපමාතෘකාවට අදාළ පොයින්ට්ස් ටික පාඩම් තියෙන්න ඕන

රචනාවක් ලියන්න ගියාම පාඩම් කරපු පොයින්ට්ස් ටික ඔය විදිහකට මොකක් හරි පිළිවෙලකට ඔලුවේ තැන්පත් කර ගත්තම ඒ පිළිවෙලටම එළියට ගන්න ලේසි.( ඕක හැම තැනටම කරන්නත් බැහැ හැබැයි ..කරන්න පුලුවන් තැන් තියෙනවා ) 🙈❤️
Q9 - ශක්තිය හා සුනම්‍යතාවය ලබා දෙන තන්තු වර්ගය අඩංගු සම්බන්ධක පටකයක් නොවන්නේ ?
Anonymous Quiz
11%
අරීයල පටකය
9%
තන්තුමය සම්බන්ධක පටකය
16%
කාටිලේජ්
20%
අස්ථි
45%
ඉහත සියල්ලෙහිම එම තන්තු වර්ගය පවති
Biology Lovers ❤️
Q10- පහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ
එක ප්‍රකාශයක් හැර අනෙක් ප්‍රකාශ 4ම ගැන පැහැදිලිවම rb එකේ තියෙනවා ..අර නැති ප්‍රකාශය ගැන rb එකේ වක්‍රව කියලා තියෙනවා.. සත්ත්ව පටක කොටස පෙරලලා බලන්න 👋
💚ඔයා ඉපදිලා තියෙන්නේ 2001 July වලට ............... ?

(බයවෙන්න එපා 😁 මට වඩා වැඩිමල් අය ඉන්නවද කියලා බැලුවේ 🙈)
Anonymous Poll
13%
2001 july වලට කලින්
88%
2001 july වලට පස්සේ
Q11 - සනාල ශාක සහිත වනාන්තර බහුල වීම , සපුෂ්ප ශාක ප්‍රමුඛ වීම , ප්‍රතම බිජ ශාක බිහි වීම , සපුෂ්ප ශාක බිහි වීම සිදු වූ යුග පිළිවෙලින්

💚පේලියෝසොයික P මගින්ද 💚මීසොසොයික M මගින්ද 💚සිනෝසොයික C මගින්ද සංකේතවත් කරයි
Anonymous Quiz
45%
P , C ,P , M
24%
P , M , P , C
13%
C , P , M , C
15%
C , M , P ,C
5%
M , C ,C , P
Biology Lovers ❤️
💚💚💚💚💚💚💚💚💚💚💚Q1 - Q11 ප්‍රශ්න ටිකෙන් ඔයා දැනට ඉගෙන ගෙන ඉවර පාඩම් වල ප්‍රශ්න වලින් , ඔයාට වැරදුණු හෝ ඔයා මට මේක බැහැ කියලා උත්තර නොදීපු ප්‍රශ්න ගැනයි මේ අහන්නේ ?

ඔයාට එහෙම වුනේ ?
❤️හරි මන් අහපු ප්‍රශ්නෙට ඔයාලා දුන්න උත්තරෙන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනවා ..👇

❤️හේතුව 1 නම් පාඩම් කරන්න

❤️හේතුව 2 නම් පාඩම් කරපුවා ආයේ ආයේ මතක් කරගන්න . ඔයාම ඔයාට රිවිෂන් ක්ලාස් එකක් කරගන්න ..

❤️හේතුව 3නම් පේපර්ස් කරන්න ..විශේෂයෙන්ම mcq 🙈