ශැගි එක්ක fm 😌:|🌼..
1.02K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
#සුදු_රෙද්ද 👇
මංගල දවස දා රෑට.......
එලාගෙන,
සුදු රෙද්දක් යහනට.......
උඹ,
හොයනවා,
ගෑනිගේ,
තියෙනවාද පතිවත............................

උඹට මතකද,
පෙර දවසක,
මෙවැනිම කෙල්ලක් සතපවා යහනක...
මුමුනලා පෙම් බස් ඕසෙට.....
රතු කරා සුදු රෙද්දක්,
හරි අපූරුවට.....

මතක් උනාද උඹට,
අදවත් ඒ කෙල්ල ගැන......
විදවනවා ඇති ඒකි,
උඹට සාප කර කර......

එහෙව් උඹ,
අදත්,
සුදු රෙද්දක් එලාගෙන......
හොයනවා,
තියෙනවද,
මනමාලිගෙ පතිවත.......

යකෝ............................................

ලැජ්ජයි උඹ ගැන......
හිනා යනවා වෙලාවකට.....
එලාගෙන සුදු රෙද්දක් ඇදට,
හෙව්වත් උඹ අද,
මනමාලිගෙ පතිවත,
උඹ වගේ එව්න් ඉන්නකොට,
ඉතුරු වෙයිද බන්,
කෙල්ලොන්ගෙ පතිවත............ ❤️

writer

˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••


@ShagiFm
නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය......
බලා දුර සිට කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය...🥺❤️‍🩹

ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය...
හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය....🥀❤️‍🩹

ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.....
පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.... 🥺❤️‍🩹

@ShagiFm


(ඔයාලගෙ නිසදැස් @ShagiFM_bot එවන්න)

Writer|•••˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
නියන් සමයට අසුව හත් අටකට පැලුනු පපු

කදුලු බොදවී හැගිම් ගලනව ගංගාවක් බදු

එහෙව් කතරට වැස්ස අයදින නිස්කාරන සුසුම්

තදින් අල්ලන් හිතින් හිරකර මරාදමමි ප්‍රේමයේ ගතු 😌

🖋ගම්භාරෙ


@ShagiFm
සමහර දේවල් සමහර මිනිස්සු කියන්නෙ ඔලුවෙන් හිතලා නෙවෙයි.
*නමුත් එයාලා දන්නේ නෑ ඒ කියන සමහර දේවල් වලින් අපේ හිත කොච්චර රිදවනවද කියලා......* 🙂💔🚶🏻‍♂️🖇️👤👣💆🏻‍♀️
@ShagiFm

writer˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට...
කාරි නෑ සද මගේ ලොව එළිය නොවුනට..
ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට🥹❤️

* ඇයි මට ආදරේ කරන්නේ ඔයා

: එදා ඔයාව දැක්ක දවසේ ඉඳන් මට ඔයාට ආදරේ හිතුනා..ඉතින් මන් ඔයාට අදරේ කරනවා🙂❤️

*ඉතින් මට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගෙනත්..ඇයි  ඔයා මෙච්චර ගොඩක් ආදර්‍රෙ කරන්නේ..?🙂💔

: මගේ නොවුනට කමක් නෑ..මන් ආදරෙයි හැමදාම..ඒකපාර්ශ්වික ආදරේට මන් ආසයි...ඔයා මට කතා කරන්න හැමදාම..මට ඒ  ඇති😌❤️ලැබුනොත් බාරගන්නම් නොලැබුණොත් දරාගන්නම්🙂❤️

*ඔයා මට ආදරෙයි කියන එක දැනගෙනත්..ඔයාට ආදර්‍රෙ නොකර දුක් දෙන්න බෑ මට🥺...ඒත් මට එයාට බොරුවක් කරන්නත් බෑ🙂...අපි මෙහෙම ඉන්න කතා කරන එකෙන් ඔයා මට තවත් ළං වෙයි ඔයාටමයි දුක වැඩි වෙන්නෙ..අපි කතා නොකර ඉමු🙂මට සමාවෙන්න🙂🥺❤️

*ඔව් සමහර තැන්වල ආදරේදි මිනිස්සු හරි අසරණයි🥺🙂*

  ඔබේ නැගනියක් ලෙසින් සිතා මතු🥺
අවසර දෙන්නම් අපි හිත හදාගමු🙂
අවසනාවට රෝසමලක් පරවෙයි...
කඩාවැටෙන්නට උණු කඳුලක්g වැලපේ..
දරා ගන්න බැරි තරමට ආදරෙයි ❤️

                 writer   
   [  Anjalika Rumen❤️
]

@ShagiFm
කලු පැහැ නරක ලු 🖤
සුදු පැහැ අහිංසක ලු 🤍

පුදුමය නම්.........
මා වැළඳගත් නුඹ,
අළු පැහැතිය...

නමුත්......
මා අන්ධය,
මා විදින්නේ නුබගේ
ස්පර්ශය පමණි...
🌼


ᴸⁱˡˡʸ.......✍️


@ShagiFm
ඇත්තක්..,

ගැහැණු විතරයි..,
දන්නෙ දුකට,
අඩන්න,
වැලපෙන්න,
ඉවසලා බැරිම තැන,
අතහරින්න...!

හිතවතුනි..!

කරුමෙට පිරිමින්ට බෑ..
දුක වචන වලට හරවන්න...!

💜️📝ගම්බාරෙ


@ShagiFm
සෙනෙහස නුබයි සැමදා මා සිත පැතුව
සැනසුම නුබ ලගයි හැරදා යා නොහැක
සෙනෙහස උතුම් කිරුලත් දෙවෙනී නුබට
සැමදා නුබයි නොමියෙන මගෙ ආදරය❤️❤️




Yushi Bby....🌹💕


@ShagiFm
නලවන සිසිල බෙදන
සුළගට කුමට..,
සෙනෙහස දීලා....?

මලක් උනත් ආදරේ
රිද්දන බබරෙකුට
පෙති තලලා...!

💜️📝ගම්බාරෙ

@ShagiFm
Media is too big
VIEW IN TELEGRAM
මිනිස්සු වෙනස් වෙන්නෙ හරියට අහස වගේ නේද ?🥺

(පැය 4 ක මහන්සියක්. වොයිස් එක අහලම ගුණ දොස් කියන්න.)

Voice by = Abiman sandew nethsara 🌼❤️ .( උපාසක ශැගියා

Script writer = mr sathish perera.

Video @ music mix = abiman sandew.

"නිවෙන්න _ අහන්න ❤️🌼 ශැගි එක්ක FM 🔊 " එන්න එකතුවෙන්න

@ShagiFm
ශැගි එක්ක fm 😌:|🌼.. pinned «ලියන්න කැමති අය "ඇඩ්මින්" කියලා ටයිප් කරලා @ShagiFM_bot මේ බොට් ට msg එකක් දාන්න 😘😘»
ප්‍රේමය... !!

හිතෙ හංගන් කප්පරකක් ගින්න.
කොච්චර දැගලුවත් බෑනෙ ඉවසන් ඉන්න..
ඉවසලම බැරි තැන කවියො ලියනව ඇරෙන්න..
කිය කියා හිටියෙ නැ හිතේ ප්‍රේමය...!


මම හිතුවෙ උබට රැ අහසෙ අයිතිය දෙන්න..
හදක් බැරිනම් තරුවක් හරි වෙලා ඉන්න..
මට හැකි එතකොට උබෙ නමින් කවි ලියන්න..
ප්‍රේමයේ පිනි දියෙන් හරි සැනසෙන්න..!

මම දන්න තරමටනම් සබැදිය..,

"අත් හැරීමට පර්‍යාය පදයකි ප්‍රේමය"....!


💜️📝ගම්බාරෙ


@ShagiFm
🌻🍃 ඇත්තටම||°😗🪄♥️...

*@|:_ආදරේදී නිදහස ඔනේද?_"🖇️💜*
*@|:_නිදහස දීලා කෙල්ල වටේ යයිද?_"🖇️💜*

*@|:_මම හරි නම් අදටත් ගොඩක් කොල්ලෝ ඔන්න ඔය ප්‍රශ්නේ ගාව නැවතිලා උත්තර හොයනවා..._"🖇️💜*

*@|:_ඒ වගේම තමා ඔන්න ඔය ප්‍රශ්නේ නිසා අද ගොඩක් ආදර කතා නැවතුනා..._"🖇️💜*

*@|:_සමහරු පොරොන්දු ගන්නවා ජීවිත කාලෙම මාත් එක්ක ඉන්න කියලා ඒත් කවදාවත් මට බිදහස දෙන්න කියලා පොරොන්දු අරගෙන තියනවද ටිකක් හිතලා බලන්න..._"🖇️💜*

*@|:_ඇත්තටම අද සමාජේ කොල්ලෙක්ට වඩා කෙල්ලෙක් තියන නිදහස අඩුයි ඒත් ඒකට හේතුව මොකක්ද කියලා මම ඔයාගෙන් ඇහුවොත් ඔයා කියයි ඔවුන් වටේ යන නිසා කියලා..._"🖇️💜*

*@|:_මචන් මම එතකොට මෙහෙම අහන්නම් කෙල්ලෙක්ට වටේ යන්න කොල්ලෙක් ඔනේ නැද්ද?..._"🖇️💜*

*@|:_ආදරේ කරනකොට සමහර නිදහස කියන දේ හීනකම විතරයි,ඒත් කෙල්ලේ උබ මතක තියා ගනිම් හැම නිදහසක්ම දීලා කෙල්ලෙක්ව බලා ගන්න කොල්ලට වඩා උබට කිසි නිදහස් දෙන්නේ නැති උබේ කොල්ලා වටිනවා සත්තයි...._"🖇️💜*

*@|:_මොකද ඌ එහෙම නිදහස් දෙන්නේ නැත්තේ කවදාහරි ඌ උබව කසාද බදින්න අදහසකින් හමා උබට ආදරේ කරන්නේ අන්න ඒ දවස එනකන් කිසිම කෙනෙක්ගෙන් වචනයක් අහන්නේ නැතුව,උබට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැතුව බලා ගන්නයි ඒ කොල්ලට ඔනේ..._"🖇️💜*

*@|:_ඒත් අර නිදසහ හැම විදිහකින්ම තමන්ගේ කෙල්ලට දෙන කොල්ලා 99% ක් සීරියස් ආදරන්වන්තයෝ නෙමෙයි..._"🖇️💜*

*@|:_මම කවදවත් කියන්නේ නෑ ආදරෙදී නිදහස ඔනේ නෑ කියලා..._"🖇️💜*
*@|:_අනිවාරෙන් ආදරේදී නිදහස ඔනේ..._"🖇️💜*

*@|:_ඔයා කෙල්ලෙක්නම් ඔයා එයා එක්ක රන්ඩු කරලා ,තරහා වෙලා,බැනගෙන ඔයා ඔයගේ නිදහස ගන්න යනවනම් ඒක වෙන්නේ නැති දෙයක් සමහරවිට ඒකේ ප්‍රතිපලයක් විදිහට ඔයාලගේ සම්බන්දේ නවතී...._"🖇️💜*

*@|:_ඔයට නිදහස කියන දේ ඔනේනම් ඔයා එයාට ඔයා ගැන විස්වාසය ඇති කරන්න ඔයාට නිදහස දෙන්න පුලුවන් කෙල්ලෙක් කියලා අන්න එහෙම හිතින දවසට ඒ කොල්ලා උබව ටිකක් ලිහිල් කරලා උබට යන්න දෙයි..._"🖇️💜*

*@|:_හැබැයි උබට යන්න දුන්නට උබේ හෙවනැල්ල වගේ ඌ උබේ පස්සෙන් ඉන්නවා ඒ තමා නියම ආදරවන්තයෝ...._"🖇️💜*
Writer••˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
@ShagiFm
අදුර....

සතුටින් බත් කටක් හෝ කා පන
රැකුනූ
මුහුදින් වටව මුතු කැටයක් මෙන්
දිස්වූ
පාලකයින්ගෙ අතවරයට යලි
ලක්වූ
රටකට වුනු දෙයක් ලෝකයෙ නම
ගත්තූ

රැකියා නොමැති ජීවිත ඇත මහ
පාරේ
මුදලට පමනි දුන්නේ හැමටම
වාරේ
චන්දය නිසා බොරු මිනිසත් කම්
බේරේ
ජනපති උරයි නැවතත් අම්මගේ
සාරේ

වැස්සත් නැතත් විදුලිය පැයකට
නිහඩයි
කැස්සත් නැතත් ආදරයක් යලි
පෙන්නයි
බූරුවා සිංහ වෙස් ගෙන ඒමට
නියතයි
රැවටෙන යලිත් මරවණ චංදය
එහෙමයි

✍️මදුවා...



@ShagiFm
මා දුටු ප්‍රේමයට නිර්වචන අවශ්‍ය නැත..🫧
ඔබ මා හමුවීම ම ප්‍රේමයකි.. 🔐❤️

එයින් මා සැනසෙන්නේ නම්
නිවෙන්නේ නම්..
මතකයකදු යලි යලිත් සිහි කර
මතක තුල පන ලබමින්
පැය ගනනක්..
දින ගනනක්..
සති ගනනක්..
මාසයක්..
අවුරුද්දක්..
අවුරුදු ගනනාවක්..
උණුසුම් සුසුම් ඒ අයුරින් ම විදිමට හැකි නම්,
ඒ මතක තුල ජීවත් වීමට හැකි නම්,

එයම ප්‍රේමයකි... 🌼❤️

ˢᵃᵈᵘᵘ....✍️


@ShagiFm
දවසෙන් භාගයක්ම උන් ගැන මතක ඇවිස්සු..

හිත්වලින් අඩ අඩා ඇස්වලින් හිනැස්සූ..

සීත රාත්‍රියන් පවා හිතට නොරිස්සූ..

මෝසන් වැසිවලටත් ගිනි ගන්නව සමහර මිනිස්සූ..

💜️📝ගම්බාරෙ

@ShagiFm
එකම___
අත්තක පිපුනත් සමහර මල් එකිනෙකට වෙනස්
ඔව් මිනිස්සුත් අන්න එහෙමයි.....
රඟ මඬලක් වුණු අපේ මේ ජීවිතේ අපිම තමයි නළු-නිලියන්.......😌

ඇත්ත සමහර වෙලාවට අපිට ලැබෙන
අසීරුම කාර්තු වල........
අපිට ලැබෙන්නෙම අපි ආසනැති චරිත.....
හැබැයි ජීවිතේ කියන කතාවෙදි අපි අකමැති උනත්, කැමති උනත් අපිට ඒදෙ කරන්නම වෙනවා.....
සමහර වෙලාවට සිනිදු රෝස මලක් වෙනවට වඩා නිර්භීතව යන වරා මලක් වෙන එක වටිනවා....🥀

සමහර වෙලාවට එකම සීමා රාමුවකට
ආයෙ ආයෙත් කොටුවෙන අපි, තවත් සමහර
වෙලාවට නිදහස උපරිමෙන්ම විදිනවා....
හරියට මඩ වගුරේ පිපෙන නෙලුම වගේ...🥺
අන්තිමේදි අපිටම ලැබෙනවා අපේ කතාවෙත්
ආසම චරිතේ රගපාන්න.....
අන්න එදාට පුලුවන් මට මං වෙන්න.....
මට මං ගැනම මොහොතක් හිතලා බලන්න...
මට මගේ හිනාව ගැන ආඩම්බර වෙන්න...
මට මං ගැනම මොහොතක් සතුටින්,
අවංකව අත්විදින්න....
මට හිතෙන්නෙ මගේ ජීවිතයට මට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම ඒක විතරයි !....🥰🖤🌸
Writer•••˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••

@ShagiFm
මලක් මෙන් සුරැකිව..
රැගෙන නොරිදවා දෝතට..
කවුරැ නම් දේවිද සෙනෙහස..
තාත්තා ම
හැර දුවෙකුට..❤️🙏

writer
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
.
.
.
.
@ShagiFm
චිත්‍රය ඇන්දෙ මං,
කාටද පුළුවන්
හරියටම පාට තෝරන්න...


පැන්සලින් මං ඇදපු
කාලයක් හීනයක්ව
හිතේ හොල්මන්

කරපු සිතුවමක්...

මකලා,අඩුපාඩු හදලා
සායම් කරන්න
ගැලපෙන පාටින්
උබට පුළුවන් නම්...

මං කුරුටුගෑව
සිතුවමට
පන දෙන්න....

මට ඕනි නෑ
සිතුවමේ අයිතියවත්
ලියනව නුබ නමට
සින්නක්කරවම

Yushi bby....🌹💕


@ShagiFm
අභිනික්මන


යශෝධරා හා දරුවා අතහැර
නුඹට හැකි වුනි නික්ම යන්නට
ඈට ඉන්නට
කන්න බොන්නට
තිබුණි මාළිග
සැප විඳින්නට

සසර ගමනට
සමු පුදන්නට
බොහෝ කැමතිය නුඹ මෙන්ම මම

ඉන්නෙ පැලකය
බිරිඳ හා දරු දෙදෙන සමඟම
කන්නෙ දවසට වේල් දෙකමය
රෑට වැස්සට
දැනෙන සීතට
නින්ද යන්නෑ
දරුවො දෙන්නට

නිවන් දක්නට කාසි අවැසිය
ඉන්න කන්නට
මගේ පවුලට

කිව හැකිද සුදොවුන් රජතුමා හට
රැක ගනීවිද මගේ පවුලම
මමත් එන්නම් එවිට නිවනට

පාර පෙන්වන්න මටත් ගෞතම !


Yushi bby....🌹💕


@ShagiFm