Biology Lovers ❤️
646 subscribers
5 links
Download Telegram
Channel created
Channel photo updated
Channel photo updated
❤️චැනල් එකේ පරණ මැසේජ් ඔක්කොම ඩිලිට් කරා .🙈

❤️චැනල් එකේ polls වලින් වගේම ඉන්බොක්ස් මැසේජ් දාන කියපු දේවලින් තේරුන් ගිය දෙයක් තමයි බහුතරයක් අයට බයෝ වල තියරි මතක හිටින්නේ නැති ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා කියලා .

❤️ඉතින් අද ඉදන් බයෝ එක එක තියරි කොටස් මතක තියාගන්න මං පාවිච්චි කරන පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් චැනල් එකේ දාන්න හිතුවා. පරණ ඒවා ඔක්කොම ඩිලීට් කරා මේක අලුත් වැඩක් නිසා 🙈🙈❤️
Biology Lovers ❤️
❤️චැනල් එකේ පරණ මැසේජ් ඔක්කොම ඩිලිට් කරා .🙈 ❤️චැනල් එකේ polls වලින් වගේම ඉන්බොක්ස් මැසේජ් දාන කියපු දේවලින් තේරුන් ගිය දෙයක් තමයි බහුතරයක් අයට බයෝ වල තියරි මතක හිටින්නේ නැති ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා කියලා . ❤️ඉතින් අද ඉදන් බයෝ එක එක තියරි කොටස් මතක…
Dislike දැමූ ප්‍රිය ක්‍රිඩා ලෝලි හිතවතුනි 🙈

ගැටලුව මැසේජ් ඩිලීට් කරපු එක නම් මං ඒක එච්චර හිතලා කරපු දෙයක් නෙවෙයි 🥹🥹.ඒවා කරලා ඉවර නිසා ආයේ ඕන ඇති කියලා හිතුවේ නැහැ
( හිටපු ගමන් ඒ වගේ ඒවා කරන්න හිතෙනවා මට )

ගැටලුව ආයේ කලින් වගේ polls දාන්නේ නැති එකට නම් 🙈එහෙම දාන්නේ නැත්තේ නැහැ .ප්‍රශ්න දානවා ..ඒ අතර අර කියලා තියෙන ටිකත් දානවා 🙊
පරණ මැසේජ් ටික ඕන අය ..Discussion Group එකට ජොයින් වෙන්න.. පළවෙනි මැසේජ් එකේ ඉදන්ම තියෙනවා ඒකේ 👇👇

https://t.me/+b9SFpLtaYzE3MjI1
මුලින්ම අපිච්ඡද පටකයේ කෘත්‍ය 3 අමතක නොවෙන්න මතක තියාගන්න මම පාවිච්චි කරන ක්‍රමය කියන්නම් . ( මේක මගේ ක්‍රමයක් නෙවෙයි . යූ ටියුබ් එකෙන් දැක්ක ක්‍රමයක් )

කඩේක In දොරෙයි out දොරෙයි දෙකේම Guard ලා ඉන්නවනේ 🙈

මෙන්න මේ වචන තුන මතක තියාගන්න

Guard
In
Out



Guard කියන්නේ ආරක්ෂාව .. පලවෙනි කෘත්‍ය ආරක්ෂාව

In කියන්නේ ඇතුළට .සෛලෙ පිට ඉදන් සෛලෙ ඇතුලට ගන්නවා කියන්නේ අවශෝෂණය කරනවා

out කියන්නේ එළියට . සෛල ඇතුලේ ඉදන් එළියට දානවා කියන්නේ ස්‍රාවය කරනවා

ඔයාට දැනටමත් ඔය කෘත්‍ය ටික අවුලක් නැතුව මතක නම් ඕවා ඕන නැහැ ..

හැබැයි නිකන් ඔය වචන තුන ඔලුවේ තියාගත්තත් අවුලක් නෑ ..මොකද එක්සෑම් එක වෙලාවට නිකමට හරි එකක් හරි අමතක වුනොත් Guard ,In , out කියලා මතක් කර ගත්තම අමතක වෙච්ච කෘත්‍ය ටක් ගාලා මතක් කරගන්න පුලුවන්🙈
Channel photo updated
ATP වල අඩංගු ශක්තිය විවිධ කෘත්‍ය ඉටු කරන්න පරිණාමනය වන ශක්ති ආකාර 5ක් තියෙනවනේ ..

මේ ශක්ති ආකාර 5 කියන්නේ

Chemistry සහ physics පාඩම් 4ක් ( Agri කරන අයට නම් මේක හරියන්නේ නැති වෙයි 🙈)

Chemistry කියන්නේ රසායන විද්‍යාව ඒ කියන්නේ රසායන ශක්තිය

රසායන විද්‍යාවෙදි අපිට හම්බෙනවනේ ගොඩක් සංයෝග ගැන ඉගෙන ගන්න එතකොට මේ රසායනික ශක්තිය යොදා ගන්නේ විවිධ සංයෝග සංස්ලේෂණය කරන්න

ඊලගට physics පාඩම් 4

මුලින්ම යාන්ත්‍ර විද්‍යාව .වචනෙන්ම කියවෙනවනේ යාන්ත්‍රික ශක්තිය

යාන්ත්‍ර විද්‍යාව පුලුවන් වෙන්න නම් අත කැඩෙනකම් ගනන් හදන්න ඕන .. එහෙම ගනන් හදන්න අත වැඩ කරනකොට අතේ පේශි සංකෝචනය වෙනවා ඉහිල් වෙනවා නේ .

එතකොට මේ යාන්ත්‍රික ශක්තිය භාවිතා කරන්නේ පේශි සංකෝචනයට

ඊලග පාඩම දෝලන හා තරංග ..ඒකේ තරංග සහ ආලෝකය කියලා කොටස් දෙකක් තියෙනවා .එතනින් මෙතනට අදාල වෙන්නේ ආලෝකය .ආලෝකය කියන්නේ දීප්තිය .ගොඩක් දීප්තිමත් වුනාම ඒක සංදීප්තිය ජීව විද්‍යාවේ කතා කරන සංදීප්තිය ජෛව සංදීප්තිය

ඊලග පාඩම තාප භෞතිකය .කෙලින්ම එතනින් වචනේ ගන්නවා තාපය. තාපයයි උෂ්ණත්වයයි කියන්නේ ඉදිකට්ටයි නූලයි වගේනේ . බයෝ වල අපි කතා කරන්නේ අපේ දේහය ගැන ..ඒ නිසා මෙතනදි තාපයෙන් කරන්නේ දේහ උෂ්ණත්වය පවත්වා ගන්න එක

ඊලගට විද්‍යුත් ක්ෂේත්‍ර .ඒ කියන්නේ විද්‍යුත් ශක්තිය .විද්‍යුත් ශක්තියෙන් කරන්නේ විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණය

👇👇👇👇👇👇👇

මේ ඔය තියරි කොටස ගැන මගේ මතකය වැඩි කරගන්න වගේම අමතක වෙන වෙලාවක ක්ෂණිකව මතක් කර ගන්න මන් මටම ගොඩ නගා ගත්තු කතාව ..🙈
මේකනම් හැමෝටම පුලුවන් එකක් 🙈 ඒත් නිකමට හරි අමතක වෙන වෙලාවක් ආවොත් කියලා හිතලා මතක තියාගන්න

ජීවි පදාර්ථයෙන් 96% ක් හැදිලා තියෙනවා නේ C,H,O,N වලින්

ඉතුරු 4% Ca,P,K,S වලින් නේ හැදිලා තියෙන්නේ

96 = චෝන්

(96 කියන ඉලක්කමත් අමතක වුනොත් මතක තියාගන්න ලංකාව ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනපු අවුරුද්දනේ 96 .නැත්නම් ඕක 92 එක්ක පැටලෙන්න පුලුවන් .. අර ස්වභාවික මූලද්‍රව්‍ය ගාන එක්ක .. 🙈 )

චෝන් ඉංග්‍රීසි වලින් ලිව්වම CHON . ඒ කියන්නේ අර මූලද්‍රව්‍ය හතර C , H , O , N

4=කැප්කස්

කැප්කස් කියන්නේ Capks .. ඒ කියන්නේ Ca , P, K, S
ඔය 96% සහ 4% කියන්නේ ජීවි පදාර්ථයේ තියෙන මූලද්‍රව්‍ය ප්‍රතිශත නේ .

ඔතනින් මානව දේහයේ තියෙන ප්‍රතිශත ටික හදාගන්න ලොකු එක්කෙනට 0.3 ක් එකතු කරනවා පොඩි එක්කෙනාගෙන් 0.3ක් අඩු කරනවා

96 + 0.3 = 96.3%

4 - 0.3 = 3.7%

ඔතනින් 96.3% ප්‍රමාණයක් තියෙන්නේ චෝන් /CHON ම තමයි ..ඒ කියන්නේ C,H,O,N

3.7% තියෙන්නේ කැප්කස් එක්ක මගේ ලුණු ( තව අංශු මාත්‍ර මූලද්‍රව්‍යත් තියෙනවා ..ඒ ටික මතක තියාගන්න ක්‍රමයක් පස්සේ කියන්නම් )

කැප්කස් කියන්නේ - Ca, P, K, S

මගේ ලුණු කියන්නේ 🤔

මගේ කියන්නේ = Mg

ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් = Na Cl

එතකොට 3.7% වල තියෙන්නේ Ca,P,K,S එක්ක Mg ,Na ,Cl
ආලෝක අණ්වීක්ෂය සහ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයේ වෙනස්කම් අතර කෙටි සටහනක් ලියන්න ආවොත් ලියන්න ඕන පොයින්ට්ස් ටික මන් මතක් කරගන්න ක්‍රමය 👇👇👇👇👇

ජීවි ඇසේ කාචවලින් ඩයි වල වර්ණය පේනවා

ජීවි කියන වචනෙන් ගන්නේ ආලෝක අණ්වීක්ෂයෙන් ජීවි සහ අජීවි නිදර්ශක දෙකම නිරීක්ෂණය කරන්න පුලුවන් කියන එක .

ඒක ලියලා ඊට පස්සේ ඊට විරුද්ධ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයේ පොයින්ට් එක ලියනවා . හැබැයි ලියන්න පොයින්ට් මතක තියෙන්න ඕන ..

මේකෙන් කෙරන්නේ පොයින්ට් මග නොහැරෙන එක සහ පාඩම් කරලා තිබුනට ලියන්න ගියහම අමතක වෙච්ච එකක් ක්ෂණිකව මතක් කරගන්න එක

ඇස කිව්වම ප්‍රතිබිම්බය කෙලින්ම පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුලුවන් කියන එක ..ඊට පස්සේ ඊට විරුද්ධ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයේ පොයින්ට් එක

ඊලගට කාචය , ඩයි , වර්ණ කියන වචන තුනෙන් ඉතුරු පොයින්ට් තුන මතකෙට එනවා ආලෝක අණ්වීක්ෂයේ පැත්තට අදාලව .. ඒ එක එකට අදාලව විරුද්ධ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයේ පොයින්ට් එක ලියන්න ඕන ඒවත් එක්කම 🙈