ශැගි එක්ක fm 😌:|🌼..
1.02K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
ප්‍රේමය වෙනුවෙන් මනුස්සයෙක්ට කරන්න පුලුවන් ලොකුම දේ මොකක්ද දන්නවද..."
තමන් ජිවත් වෙලා ඉන්න තුරාවට
අනිත් මනුස්සයා තනිවෙලා නෑ කියලා...
හදවතින්ම දැනෙන්න අ රි න එක " ♥️♥️

මන්
#zelda_shazy
@shagiFm
මේ කියන්නෙ දුර ඉදන් ආදරේ කරන ඔයාට .....🥺

Long distance relationship are risky ,
If love is true,
It's worth the risk,
Just trust your partner and keep the communication going ,
Everything will be fine

I'm
#zelda_shazy
@shagifm
(නො)වටිනා ප්‍රේමය

වැහි කෝඩ වැටෙන මන්දාරමේ
ඇස් අස්සෙන් වැටෙන කදුලු බිංදු
උබ නමින් හැමදාම
වැටෙනවා නොනවත්වාම
මතක මං පෙත
අවුළුවා උඹ ගිහින්
ඉන්න හැටි ඔහොම
පුදුමයකි මට තවම
පේ වෙලා කදු පෙමට
හීනයක් වෙලා නතර වුණ
වටිනාකමක් නැති වටිනම දේ
උබේ ආදරය


#zelda_shazy
@shagiFm
අබ්බගාත කුරුල්ලා

පිහාටුවක් වත් නැතිව
ඉගිලෙන්න
කැදැල්ලෙ දොරකඩට වී
නබෝ ගැබ දෙස බලා සිටි
කුරුල්ලා

ඇහින් පොළවට පැන්න
කදුළු කැට දෙක තුනට
ගිනි පිඹින ඇස් වලින්
රවා තරවටු කලා
ඔව්,
අබ්බගාත කුරුල්ලා


#zelda_shazy
@shagiFm
ජීවිතය🥲

ජිවිතය කියන්නෙ අමුතුම නවා තැනක්
සතුට ,සැනසීම ,මැරෙන කම්ම හොයන තොටුපොළක්
අමාවක සද පායන්නෙත්
එක්තරා දවසක
එ අමාවක සදම තමා
තවත් දවසක අදූර මකා
ලොවක් එළිය කරන්නේ
අඳුරක් ඇති රැයක පුංචිම පුන්ච් ????
තමා ලොවක් එලිය කරන්නෙ
ජිවිතය නැමති පරක් තෙරක් නොමැති
සත් සමුදුර තරනය කල යුත්තාද ඔබමයි
එය අමාවක සද පයා
තවත් දිනක ඔබ කවරෙක්දැයි
යන්න ඔබටම වටහා දෙයි .
ම්න්ද සරත් සද යනු
අමාවක සද නොවෙන බැවිනි ????

#zelda_shazy
@shagiFm
හිස් වුනා ගැලරිය....

තිරය පිටු පසින් වෙනකොට පෙරලිය...
නාදුනන වෙනසක් සිදු උනා කරළිය...
සමහර චිත්‍ර පට දුවනකොට තනියෙම...
නැතුව කිසි සද්දයක් හිස් උනා ගැලරිය...

#zelda_shazy (තේජූ❤️ )
@shagiFm
වැස්ස නුඹ ප්‍රේමණීය ම කතාවක්                              
••••••••••••••••••••••••••••••••••••••••••••••
හීන් හිරි පොද මත
පාට තවරන
හිම තුහින සීතලෙන්
ගතම කිති කවන
මතක මංසල ළග
ජීවිතේ නවත්වන
වැස්ස,
නුඹ
දයාබරම කවියකි
කවි කාරයින් හඩවනවැස්ස නුඹ ප්‍රේමණීය ම කතාවක්....                            
 
#zelda_shazy (තේජූ )
@shagiFm
සාපලත් නඩුවක්

අසිනි මහ වැසි අනෝරා මැද
මිනිස් පවුරක් රොක් වෙමින්
කුරිරු වෙස් ගත් මෘග සර්පයෝ
නසාලන්ට එක් වෙමින්
මිනිස් කම නැති
නොමිනිසුන් රජ කරයි
අද මහා පෙළහරින්
ගොලුව ඇයි දැන්
තවත් රාවන
ගල් ලෙනේ දොර ඇර බලාපන්
සිගමනට වැටි තොපේ පෙලපත්තෙ යක්කයෝ ටික හැරනියාපන්
රට නසන්නට එන මාරයන් ටික බොටුව කෙටි කර තිබිරිගෙයිදිම කලලටට උගෙ වස තියාපන්
චන්ඩ මාරුත පරය නැගෙමින් මගෙ රටට උබ සහස් වැකියෙන් බස් ලියාපන්
වඩිනු මැන මා රාවන ක්ලේශයේ චර හැර නියාවන්
#zelda_shazy (තේජූ)
@shagiFm
අහෝ ! දෙවියනි ....ටජ් මහල්

පණක් නසා කල පෙමක් ලෙස නම් කරමි
ප්‍රේමයේ සලකුණට අසමාන කරමි
සාජහාන් ,නුඹ ගැන වදන් නොලියමි...

ඇගේ නාමයට ටජ් මහල බදිති
නිමවුම් කරුට ජීවිතෙ අහිමි
එතරම් ප්‍රේමයක් ලග වන්නෙ කෙසේද සැහැසි...

බහුතරය වැයුවා මිස රජ වරුණ
පලගැටි දිවි නහ ගත්තට
දැල්වෙන පහන ලග
පහන කවදාද නිවුණේ
උන්ගෙ වලප මැද...

#zelda_shazy (තේජූ❤️ )
#ශාශී
@ShagiFm
ප්‍රේමය නම්

බොදු ගොවි කරාව
එපිටින් දුටුව...
ඇති නැති බෙදුමත්
සිල්ලරටම විකුණුව....
රූ සොබාව නම්
සොඳුරු හදක්මයි පැතුව...
සම්මතයට එහා
උඩුගම් බලා පීනුව...
මේ හැම තැනකදිම
ප්‍රේමයක් දුටිමි
කොන්දේසි විරහිතව
නමකට සින්න කල


#ශාශී
#zelda_shazy
@shagiFm
නුඹ
වසත් සමයක බලෙන් හැමු "සැඩ කුණාටුව" නුඹ
අවාරෙක හද ලගින් ලියවුනු "වස් කවිය" නුඹ
මටත් නොදැනිම හද ගිලන් කල "ඇස්වහත්" නුඹ
මඟ අරින සැම විටම යලි යලිම අවුස්සන
"සාපයත්" නුඹ
ඉතින්,
තවත් පව් ඉතිරිද ආදරේ නාමයෙන් සක්වලෙහි යලිත් හමු වෙන්න එවන් වූ
"ගිනි කඳු"


කාලය ගෙවෙනකොට තේරෙනව අපි ජීවිතේ
ඉහලින්ම තියාගෙන හැම වෙලාවෙම ලගින්ම ඉන්න දගලන හැමදේම බෙදාගෙන සතිටින් ඉන්න හදන්නෙ බොරු පැන්ටසියක් ඇතුලේ කියලා අපිට කවදාවත්ම වටිනාකමක් නොදෙන ජීවිත ඇතුලේ කියලා පහු වෙනකොට තේරෙනවා ඒ පුද්ගලයින්ට අපි නිකම්ම නිකම් චරිතයක් විතරයි කියන එක.🥺

#zelda_shazy (තේජූ)
#ශාශී
@shagiFm
දරා හිද නිහඩ විය

හිත හොයන බැදීම්
සැබෑ නොවන හීන
ඉස්පාසුවක් නොමැතිවම
අවුලුවන මතක
කලකිරී ඇවිළුන විට...
අස්වැසිල්ලක් නොලද තැන
උපරිමේටම දරා හිද දුක
බැරිම තැනදි නිහඩ වුණි...
කඳුලු හංගාන ඇස් යටම..!

#zelda_shazy (තේජූ)
@shagiFm
ඉතින් අවසන නිහඩ වෙමි.

යම් දෙයක් සොය සොයා
අතර මං විය
මට බොහෝ පිපාසය දැනුණි
දැනුණා ....
තනිය ගිය ගන්නා බව
ආතමයම හිස් මගේ
ඇස් සම දැන් ඉරිතැලුණු
පාළු කතරකට
කියන්නට බොහෝ දේවල් ඇත
පවක් ඇත මා කළ
කුමක් කරන්නද ඉතින් අවසන නිහඩ වෙමි....🥺

#zelda_shazy (තේජූ)
@shagiFm

(ටික දෙනෙක්ට මාව මතකයිලු.එයාලා මාව හොයනවාලු 🥹 ඒවුනට සිහිනලෝකයෙන් මාව බැන් කරලා යාලුවනේ)
නිමාවද ප්‍රේමයක

අහම්බෙන් හමු වී
ප්‍රේමයක ඇරඹීම
මතක පිටු අතර හිද
ඉකිබිදි හැමදාම

එකිනෙක නුරුස්සන
සිතුවිලිය සැනින් සැන
විරසකය සිතින් සිත
දුරස් විය ටිකෙන් ටික

රැක ගන්න
බැනුම්පිට බැනුම්මැද
එහෙත් නැත ඉවසීම
නිමාවද ප්‍රේමයක


#zelda_shazy (තේජූ❤️ )
@shagiFm
🥺🥺🥺🥺🥺🥺
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
වසන්තය එනතුරු .....

අමාරුම තැන්වලත්
දරාගෙන හිනහෙන්න
පරාජිත වී කඳුළු
හිදෙන හැටි දැක ගන්න

අරාජික පැතුම් පොදි
අභිෂේක කරලන්න
හිනාවෙන හීනයක්
හැමදාම දැක ගන්න!

වසත් සඳ පායාවී
රුදුරු ගිම නිවුණාම....

#තේජූ
#zelda_shazy
@shagiFm
🫶 සතුට තියෙන්නෙ අපි ලගමයි ...ඒක තීරණය වෙන්නේ අපි කැපවෙන තරමට..
🫶 ඉගෙනගන්නදරුවෙක් මහන්සි වෙන තරමට ප්‍රථිපල ලැබෙයි...

🫶 රැකියාවක් කරන අය කැපවෙන තරමට ආදායම් වැඩි වෙයි...නිර්මාණශීලි වෙන තරමට අලුත් ආදායම් මාර්ග විවෘත වෙයි...

🫶 ලූනූ කීයද කියලා ගනන් හදන මිනිස්සු අතරේ ලූනූ ගානවත් නොදැන බිල ගෙවන්න මිනිස්සු ත් ඉන්න රටක් මේක...

🫶 ඇති නැති පරතරය හොදටම තියෙන රටක් මේක ....කොටින්ම මහන්සි වෙන තරමට ඇතිවෙන්නත් ,නිකන් ලැබෙනකන් බලන් ඉන්න තරමට නැති වෙන්නත් පුලුවන් ...

❤️ කිරියෙන් පැනියෙන් උතුරනකන් බලන් ඉන්න කෙනෙක් නොවී අද දවසේ මේ මොහොතේ ජීව්තේ හීන පොත මේ අවුරුද්දට ලියන්නම වෙනවා...
අන්න එහෙම මිනිස්සු 2024 වසරේ 31 රෑට සැහැල්ලුවෙන් නිදාගනීවී....
🫶 කවුරුත් අපිව දියුණු කරන්නේ නෑ...අපිම දියුණු වෙන්න ඕනේ....අධ්‍යාපන මට්ටම, ආර්ථිකය ,නිරෝගී කම අපේ කැපවීම මතම ගොඩනැගේවී....
ඉතින් සුභම 2024
වසරක් වේවා...

#Zelda_shazy (තේජූ❤️)
වියලුණු සුළඟක්
එක්ක මුසු වුණු
කාන්තාර රෝස මල් සුවදක්

වතුර පොදක් නැතුව
හුස්මක් ගන්න
මේ සොදුරු ජීවයක්

ඉතින් තවත්
මොටද උපහරණ
අපිට අවැසි ද ජීවත් වෙන්න
අත් වාරුවක්

#Zelda_shazy
#තේජූ
@shagiFm
සසර ගණුදෙනු අනුව
කර්ම පියවන්නට පැමිණි උන්
ගනු දෙනු නිමාකොට
නික්ම යන සඳ
නොතැවෙන්න...
එකින් එක හමාර වී
උන් පිටව යන කල්හී
උන් හා බැදීම් නිම කර...
නුඹද නික්මෙන්න....
සැනසුම රැදෙන්නෙ එවිටය...

#Zelda_shazy
#තේජූ
@shagiFm